ශ්‍රී ලංකා මැද පෙළ ඇද වැටෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 08 ,(LNW) කොළඹ :

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිය පළමු ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව දෙවන දිනය නිමා වන විට කඩුලු 3 ට ලකුණු 242 ලබා සිටියත් තෙවන දිනයේ ආරම්භයේ සිටම එම සාර්ථකත්වය පවත්වාගෙන යාමට අපොහොසත් විය.දිවා භෝජනය නිමා වී ටික මොහොතකින් ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රීඩකයින් දැවී ගිය අතර තෙවන දිනයේ එම අවස්ථාව වන විට ශ්‍රී ලංකාවේ කඩුලු 7 ක් ලකුණු 86 ට දැවී ගොස් තිබිණි.


පැතුම් නිශ්ශංක රැස් කළ ලකුණු 89 හැරුණු විට ශ්‍රී ලංකාවේ කිසිඳු පිතිකරුවෙක් අර්ධ ශතකයකින් හෝ කණ්ඩායමට දායකත්වය ලබා නොඳුන් අතර මේ නිසා පහසුවෙන් සමීප වීමට තිබූ පළමු ඉණිමේ වාසිදායක තත්ත්වය ශ්‍රී ලංකාව අහිමි කර ගත්තේය.විශේෂයෙන් නව පන්දුව ලබා ගැනීමත් සමඟ ඊට මුහුණ දුන් ශ්‍රී ලංකා මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන් වඩාත් අසරණ තත්ත්වයකට පත් විය.


ශ්‍රී ලංකා ඉණිමේ විනාශයට වඩාත් දායක වූ දකුණු අප්‍රිකානු පන්දු යවන්නා වූ ඩේන් පීටර්සන් ලකුණු 71 ට කඩුලු 5 ක් දවා ගන්නට සමත් විය.ඒ ඩේන් ගේ ටෙස්ට් ජීවිතයේ ඉණිමක හොඳම පන්දු යැවීම ලෙස සටහන් විය.
පිළිතුරු ඉණිම ඇරඹු දකුණු අප්‍රිකාව දිනය නිමාවන විට කඩුලු 3 ක් දැවී ලකුණු ලකුණු 191 ක් ලබා ගැනීමට සමත් විය.ඒඩ්න් මාක්රම් ලකුණු 55 ක් ලැබූ අතර දිනය නිමා වන විට තරගාවලියේ නොනවතින ලකුණු යන්ත්‍රය බවට පත්ව සිටින දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා නොදැවී ලකුණු 48 ක් ලබා ගෙන තිබිණ.


දකුණු අප්‍රිකාව මේ තරගාවලිය පුරා පෙන්වන සාර්ථකත්වය පිතිකරුවන් කිහිප දෙනෙකු ශතක ලබා ගැනීමට වඩා බොහෝ කඩුලු අතර හොඳ සබඳතා ඇති කිරිමට සමත් වීමයි.කඩුල්ල දැවෙන්නට නොදී හොඳින් පහර එල්ල කරන පිතිකරුවන් වෙනුවෙන් රැක ගැනීමේ හැකියාව වැදගත් වන අතර ශ්‍රී ලංකාවේ අසාර්ථකභාවයේ හැඩය වෙනස් කර ගනිමින් ඒ ආකාරයට වෙනස් විම අවශ්‍යය වන්නේය.
තරගයේ ලකුණු පූවරුවට පිවිසෙන්න → https://es.pn/4fZABBh

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...