ආපදාවත් සමඟ කූඨ වෙළඳුන් වැඩි වෙලා – හසුවූ අයට මිලියනයක් දඩ.

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW :

සිදු වූ ආපදාවත් සමඟ කූඨ වෙළඳුන් විවිධ මාෆියාවන් සිදු කිරීමට පෙළඹී ඇත.

ඒ අනුව , වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කළ නිවාඩු නිකේතනයකට හා ආයතනයකට රුපියල් මිලියනය බැගින් දඩ මුදල් පැනවීමට අධිකරණය නියෝග කර තිබෙන බව වාර්තා වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ. , නඩු පවරා ඇත්තේ බෙලිහුල්ඔය සහ බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකට සහ පුද්ගලික ආයතනයකට බවයි .

බෙලිහුල්ඔය ප්‍රදේශයේ අදාළ නිවාඩු නිකේතනය විසින් රුපියල් 100 ක මිලකට අලෙවි කළ යුතු ලීටරයක පානීය ජල බෝතලයක් රුපියල් 400 ක මිලට අලෙවි කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම රුපියල් 70 ක මිලකට අලෙවි කළ යුතු මිලිලීටර් 500 පානිය ජල බෝතලයක් රුපියල් 230 ක මිලට අලෙවි කළ බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නඩු පවරා ඇති බව වැඩි දුරටත් වාර්තා වේ..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...