රුහුණු කතරගම මහ දේවාලය බස්නායක නිලමේ ධූරයට සුදුස්සෙකු පත් කර ගැනීමේ නිලවරණය හෙට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , කොළඹ LNW :

හෙට (09) දින , ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලය බස්නායක නිලමේ ධූරයට සුදුස්සෙකු පත් කර ගැනීමේ නිලවරණය මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

ඒ හෙට (09) පෙරවරු 10ට බෞද්ධ කටයුතු කොමසාරිස් කේ.එම්.ජී සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් බව සඳහන් වේ.

හිටපු බස්නායක නිලමේ වන ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ නිල කාලය පසුගිය ඔක්තෝබර් 22 වෙනිදායින් අවසන් විය,

මේ වන විට දෙවිනුවර මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ තිළිණ මධුසංඛ මහතා කතරගම වැඩ බලන බස්නායක නිළමේ සේවයේ සිටින අතර ඔහුද නිළවරණයට ඉදිරිපත් වීමට නියමිතයි.

ඒ අනුව, 13 වැනි බස්නායකවරයා තෝරා පත් කර ගැනීම හෙට (09) සිදු වනු ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රීන්ලන්තයේ සුන්දරත්වය මොහොතක් විඳගමුද?

රෂිකා හෙන්නායක ජනවාරි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම මූලාශ්‍රය...

අම්බුළුවාව බෑවුමේ නිවාස 05ක් නාය යාමේ අධිඅවදානමක – සංරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නිර්දේශ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අම්බුළුවාව කන්දේ බෑවුම් කිහිපයක නායයාමේ සහ ගල්...

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...