“ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ටෙලිකොම් ආයතනය විකුණා දැමීමේ කුමන්ත්‍රණ හකුලා ගනිව්” උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද!

Date:

ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ටෙලිකොම් ආයතනය ප්‍රතිවිව්‍යුහගතකරණයට එරෙහිව එම ආයතන වල සේවකයින් අද(08) උදේ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විනි.

මෙම විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරය ජාතික විරෝධතා දිනය ලෙස නම් කොට තිබුනි.

මේ විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබුණේ ටෙලිකොම් වෘත්තීය සමිති එකමුතුව හා රක්ශණ සංස්ථා වෘත්තීය සමිති ඇතුලු වෘත්තීය සමිති බහුජන එකතුව මගිනි.

“කෝටි දහස් ගණන් ලාබ ලබන ටෙලිකොම් රනිල් විකුණයි! රක්ශණ සංස්ථාව විකුණන කුමන්ත්‍රණය හකුලා ගනිව්!” ටෙලිකොම් ආයතනයේ 2022 ලාබයකෝටි 900 ක්’යැයි සදහන් සටන් පාට ලියා ඇති පුවරු රැගෙන විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ නිරත වූහ.

විරෝධතාකරුවන් පැය දෙකකට ආසන්න කාලයක් සටන් පාට කියමින් විරෝධතාවයේ නිරත වූ අතර අවසානයේ රැස්වීමක් පවත්වා විසිර ගියහ.

ඡායාරූප;



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...