2023 අයවැය වැඩි ඡන්ද 43 කින් සම්මතයි !

0
575

2023 වසර සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය වැඩි ඡන්ද 43 කින් සම්මත වී තිබේ.

අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී අයවැයට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 123 කි.

ඊට විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 80 ක් පමණි. මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.

RN