අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු ඇන්දවීම ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කරුණු කියයි!

Date:

කොළඹ LNW: අනුරාධපුර ඓතිඑහාසික අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරක් පැළැඳවීමේ සිදුවීම හේතුවෙන් අවුකන බුද්ධ ප්‍රතිමාවට හෝ ඒ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු භෞතික හානියක් සිදු වී නොමැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) K.A.D.Rනිශාන්ති ජයසිංහ මහත්මිය එම නිවේදනය මඟින් පවසන්නේ එම ස්ථානයේ ස්ථානීය පරීක්ෂාවක් ද සිදුකර තිබෙන බවයි.

අවුකන රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගෙන් කළ කරුණු විමසීමේදී උන්වහන්සේ පවසා ඇත්තේ වාර්ෂික කථින පූජාව වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේට පැය කිහිපයකට සිවුරක් පැළඳවීම සිදුකළ බවත් එය තමන්වහන්සේගේ අනුදැනුමින් සිදුවූ බවත් ඒ ගැන කල්වේලා ඇතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට නොහැකි වූ බවත්ය යනුවෙන් තවදුරටත් එම නිවේදනයේ දක්වා ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගත්ත විදිහක් කියාගන්න බැරි වූ වත්කම්!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ලට...

සුජීවගේ තුන්වෙනි කවි පොතත් එළිදකියි! (PHOTOS)

කොළඹ LNW:ජනප්‍රිය උසස් පෙළ සිංහල ආචාර්ය සුජීව සිරිමෙවන් මහතාගේ...

අඳුරු නිමේෂයක යටගියාව සොයා “ක්‍රිෂාන්තිගේ අඩිපාරේ!”

සැප්තැම්බර් 13, කොළඹ (LNW): ඇය වූයේ උදාහරණයක්.අහිංසක සිහිනවලින් ගොඩනගාගත් සරල...