වගා හානි වලට පසුගිය රජයන් ගත් විසඳුම් සාර්ථක නෑ – ඇමති කේ.ඩී. ලාල්කාන්ත

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ (LNW):

ගොවි ජනතාවගේ අස්වනුවලට වන සතුන්ගේන් වන හානි වළක්වා ගැනීම සඳහා ,මෙතෙක් පැවති රජයන් ගත් පියවර සාර්ථක විසඳුම් නොවූ බව , කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම හා වාරිමාර්ග ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව, රිලවුන්, වන අලින් සහ බව බෝගවලට හානි කරන සතුන් පාලනය සඳහා වඩාත් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ ඒකකයක් පිහිටුවීම සිදු කර ඇති බව ඇමැතිවරයා පැවැසීය.

මේ වන විට සකස් කර ඇති, නව කෘෂිකර්ම ප්‍රතිපත්තිය පිළිබඳව වර්තමාන තත්ත්වය හා ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න හා ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය සුසිල් රණසිංහ මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවේදී ඇමැතිවරයා මේ පිළිබඳව කියා සිටියේය.

ගොවි ජනතාවට ඍජුවම බලපාන කරුණු පිළිබඳව ගතහැකි කෙටිකාලීන විසඳුම් සම්න්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එමෙන්ම මේ වන තෙක් ගෙන ඇති පියවරවල ප්‍රගතියද මෙම සාකච්ඡාවේදී සලකා බලන ලදී.

මේ වන විට ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගොවි ජ්‍නතාවගේ බව භෝගවලට සිදුව ඇති හානි සහ වාරි නිර්මිතයන්ට සිදුව ඇති හානිය යථා තත්ත්වයට පත් කර ගැනීමට ක්ෂණික පියවර ගැනීම සඳහා මේ වන විටත් කටයුතු සිදු කර ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙහිදී , කෘෂිකර්ම ප්‍රතිපත්ති කමිටුව සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න හා ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය සුසිල් රණසිංහ මහත්වරුන් සමඟ නිරන්තර සම්බන්ධීකරණයෙන් පවත්වා ගෙනයමින් කෘෂි ගැටලුවලට කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන විසඳුම් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවද මෙහිදී අවධාරණය කෙරිණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...

STARLINK දැන් ශ්‍රී ලංකාවටත්!

සටහන – පුලී ජූලි 02, කොළඹ (LNW): ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන්...