දියුණු,තියුණු තරගාවලියක විරෙන්ට සහ රනිත්මාට ද්විත්ව සූරතා

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 09 ,(LNW) කොළඹ :

කොළඹදී තෙතැනක පැවති 72 වන ජාතික බැඩිමින්ටන් සූරතාවලියේ දී විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ ද්විත්ව සූරතා දිනා ගන්නට සමත් වුණා.දෙදෙනා පිරිමි සහ කාන්තා ඒකල සූරතා දිනා ගත් අතර දෙදෙනා එක්ව මිශ්‍ර යුගල සූරතාවයද බෙදා ගනු ලැබුවා.


රනිත්මා කේවල,කාන්තා යුගල සහ මිශ්‍ර යුගල අවසාන තරග තුනම නියෝජනය කිරීමේ භාග්‍ය්‍ය උදා කර ගත්තා.එයින් ඇයට කාන්තා අවසාන තරගයේදී ප්‍රවීනා විජේසුන්දර සමඟ එක්ව අනූ සූරතාවයෙන් සෑහෙන්නට වුණා.එහි සූරියන් වූයේ රශ්මි මුදලිගේ සහ වරංගනා ජයවර්ධනයි.බිරිමි යුගල සූරතාවය හිමි වුණේ බුවනෙක ගුණතිලකට සහ ඩේවින් ජේසන් හෝමර්ට යි.


තරගාවලිය තියුණු තරගකාරී බවකින් මෙන්ම ක්‍රීඩාවේ දියුණුව පෙන්වන සාධකවලින් යුක්ත වුණා.විශේෂයෙන්ම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින කණිෂ්ඨ සංචිතවලින් පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් හී වර්ධනයත්,එසේම පුහුණු සහ තාක්ෂණික කාරණා සමඟ ලැබෙන විණිසුරු දැණුම පුළුල් කරන වැඩ සටහන් ද එක් කොට කේෂ්ත්‍රයේ තත්ත්වය වර්ධනය වී ඇති ප්‍රමාණය අවබෝධ කර ගැනීමට ලැබුණු අවස්ථාවක් ලෙස මේ තරගාවලිය හැඳින්විය හැකියි.

යුගල සහ කේවල
මෙම තරගවල ස්වරූපයන් හී වෙනස කදිමට තේරුම් ගැනීමට හොඳ අවස්ථාවක් බවට මෙවර ජාතික සූරතාවලිය හැඳින්විය හැකියි.කේවල දක්ෂතා මඟින් යුගල තරගයක් කළමණාකරණය කර ගැනීම දුෂ්කර කාර්යයක් වන අතර එහි වැදගත්ම කොටස ලෙස දීර්ඝ කාලයක් එකට පුහුණු වී ක්‍රීඩා කිරීමෙන් උපයාගන්නා .අනොන්‍ය තාක්ෂණික අවබෝධය ඉහළින්ම තිබිය යුතු බව තේරුම් ගත යුතු වෙනවා.


ජාතික කේවල සූරයා සහ සූරිය ලෙස විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ මේ තරගාවලියේ දී එක්ව ජාතික සූරතාවය දිනා ගත්ත ද,ඔවුන් දෙදෙනා යුගලයක් ලෙස ක්‍රීඩා කිරීමේ දී කාලයක් ක්‍රීඩා කර නොමැති සම්බන්ධය නිසා ජයග්‍රහණය දැඩි දුෂ්කර එකක් වුණා.තුසිත් පල්ලියගුරු සහ පංචලී අධිකාරි ඉදිරියේ ඔවුන් දෙදෙනා ජයගත්තේ වට 2-1 ක් ලෙසයි.විනාඩි 54 ක් පුරා පැවති තරගයේ ලකුණු තත්ත්වය 21-15,17-21 සහ 21-19 ක් ලෙස සටහන් වුණා.


අප්‍රිකානු විප්ලවයෙන් පසු 190 දක්වා ලෝක ශ්‍රේණිගත කිරීම් හී පෙරට පැමිණි හසිනි අම්බලන්ගොඩ සහ හසාරා විජේරත්න ජාතික සූරතාවලියේ දකින්නට ලැබුණේ නැහැ.කෙසේ නමුත් පරිපාලනය මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද,තාක්ෂණිකව හැකියාවන් අවබෝධ කර ගෙන තමන්ගේ ගැලපීම වඩාත් වැදගත් කේවල ද යුගල ද යන්න තීරණය කිරීම වැදගත් වෙනවා.ඒ අනුව කේවල තරග මෙන්ම ජාත්‍යන්තර අත්දැකීම් සඳහා යුගල තරග සඳහා සහභාගි වී අත්දැකීම් ලබා ගැනීම සිඳු කළ යුතුයි.

සමස්ත ප්‍රථිපල සටහන
තරගාවලිය ජාතික විවෘත සූරතාවලට පමණක් සිමා නොවුණු අතර එය වයස් කාණ්ඩ මත පදනම්ව කණිෂ්ඨ සහ ප්‍රවීන කාණ්ඩ තරග ද සහිතව ක්‍රියාත්මක වුණා.කණිෂ්ඨ තරග වයස් 11 න් පහළ බාලක බාලිකා සිට අවුරුදු 19 න් පහළ බාලක සහ බාලිකා දක්වා ක්‍රියාත්මක වුණා.ජ්‍යෙෂ්ඨ තරග අංශයේ තරග ද අවුරුදු 30 න් ඉහළ සිට වසර පහකින් පහකට වැඩි වන වයස් කාණ්ඩ යටතේ අවුරුදු 70 දක්වා ද,ක්‍රීඩා කරන යුගලයේ වයස් එකතුව ගත් විට වයස 100 ට වැඩි,110 ට වැඩි සහ 120 ට වැඩි ලෙස යුගල කාණ්ඩ යටතේ ද තරග පැවත්වුණා.
සියළුම තරග ප්‍රතිපල පහත සබඳතාවයට පිවිස ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
https://bit.ly/4ikiIil

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...