මහින්ද මහත්තයා සතොස රැකගත්තේ නැත්නම් ඔය තුනයි පහයි දෙන්න වෙන්නෙත් නැහැ – නාමල්

Date:

කොළඹ LNW: සතොස ආයතනය ආරක්ෂා කරගැනීම ගැන වත්මන් රජය මහින්ද රාජපක්ෂ මහතාට ස්තූතිවන්ත විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

විකුණා දැමීමට ගිය සතොස යළි ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ මහතා බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”මේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්තයට ස්තූතිවන්ත වෙන්න ඕනේ විකුණන්න ගියපු සතොස, වහන්න ගියපු සතොස නැවත පටන් ගත්තු එකට. ඒවගේම ලක් සතොස ආරම්භ කිරීම ගැන. එහෙම නොවුනන් අද ඔය තුනයි පහයි දෙන්න විදිහකුත් නැතිවෙනවා. දැන් අද තුනයි පහයි දීගන්න පුළුවන් වුණෙත් මහින්ද මහත්තයා සතොස ආරක්ෂා කරලා දීපු නිසා. අනිත් පැත්තෙන් අග්‍රමාත්‍යවරියත් සුපර් මාර්කට් දැක්කා. සතොසටත් ගිහින් බැලුවොත් හොඳයි. අපි උපරිම සහයෝගය දෙනවා. දැන්වත් ආණ්ඩුව වැඩකෙරුවොත් හොඳයි. පාර්ලිමේන්තුවේ හොඳ කථිකයෝ 159ක් ඉන්නවා. වැඩ කාරයෝ 159 ක් ඉන්නවද නැද්ද කියල බලාගෙන ඉන්නවා.” යනුවෙන් රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංචාරයක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ...

කුමන අභියෝග ආවත් ජනතාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් හදලා දෙනවාමයි – කොට්ටහච්චි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අසාධාරණ ලෙස විවේචන එල්ල කරන...

සමාජ මාධ්‍ය වීඩියෝ කිහිපයක් ගැන LOLC සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ...

මුදල් විශුද්ධිකරණය : හිටපු ඇමති කෙහෙළියට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය...