ආපදාවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW :

ආපදාවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව මේ වන විට තොරතුරු රැස් කරමින් පවතින බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව කියා සිටී. එළැඹෙන දෙසැම්බර් 15 වැනිදායින් පසුව දිස්ත්‍රික් මට්ටමින් විශේෂ ජංගම සේවාවක් මේ සම්බන්ධව සිදු කිරීමට බලාපොරොත්තු වන බව, එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසුවේය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ , අදාළ තොරතුරු මත ඉදිරි කාර්යන් සිදු කිරීමට නියමිත බවත් ආපදාවට ලක්වූ වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂාවට ලක් කර ධාවනයට සුදුසුද නැතිද යන්න තීරණය කරනු ඇති බවත්ය.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් ඇතැම් පුද්ගලයින්ගේ රථ වාහන මෙන්ම ලියකියවිලිද විනාශ වී ඇති බවත්, එම තොරතුරුද ලබා ගනිමින් අදාළ ඉදිරි කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් , තමන් පදිංචි ග්‍රාම සේවා කොට්ඨාසයේ අදාළ ග්‍රාම නිලධාරීවරයාට මේ සම්බන්ධව දැනුවත් කරන ලෙසත් ඔහු හරහා පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර පොලිස් පැමිණිල්ලක් සිදු කිරීමත් අත්‍යවශ්‍ය වන බටත්, පෙන්වා දුන් ඒ මහතා සඳහන් කර සිටියේ පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා විවිධ අංශ මගින් නිවැරදි වාර්තා ලබා ගැනීම මෙම තත්ත්වය කළමනාකරණයට වැදගත් වන බවය. 
  
කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළේ, පවතින තත්ත්වය හමුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විවිධ අංශ වෙත දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බැවින් මේ සම්බන්ධව අවධානය යොමු කර විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගත් බවයි.

තවද, 0707188866 යන වට්සැප් දුරකථන අංකය මගින් අදාළ තොරතුරු ලබා ගැනීමේ හැකියාව ඇති බවත්, අදාළ වාහන සහ ලියකියවිලිවල යම් සාක්ෂි තමන් සතුව ඇත්නම් එම සාක්ෂි ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසත් එය ඉදිරි කටයුතු සඳහා පහසුවක්ද වන බවත්, කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම !

උපාලි කොළඹගේ කොළඹ LNW: සියල්ල සිදුවී හමාරය. දැන් කළ යුත්තේ...

ආපදාවට ලක්වූ රූපලාවන්‍යාගාර යළි යථා තත්වයට පත්කරගැනීමට Dreamron වෙතින් අත්වැලක් !

පසුගිය දිනවල දිවයින පුරා පැවති ආපදා තත්වය හේතුවෙන් හානියට...

ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 5000 ඉක්මවයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස...

රුහුණු කතරගම මහා දේවාලයේ අභිනව බස්නායක නිළමේවරයා පත් වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : අද (09) පැවති...