අර්ධ නිවාස හානි වෙත වන්දිය ලැබෙන්නේ කොහොමද? ජනාධිපති කරුණු පැහැදිලි කරයි.

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:සම්පූර්ණයෙන් නිවාස හානි වෙනුවෙන් රු. ලක්ෂ 50ක දීමනාව ලබාදෙන විට අර්ධ නිවාස හානි සම්බන්ධයෙන් එම හානියේ තක්සේරුව අනුව රු. ලක්ෂ 25ක උපරිමයකට යටත්ව වන්දි මුදල තීරණ කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන් දැනුවත් කළේය.

ඒ, ඊයේ (08) පැවති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදීය.

ඒ අනුව එම වන්දි සහ ආධාර මුදල් ලබා දීම පිළිබඳව එහිදී ජනාධිපතිවරයා නිශ්චිතව අදහස් දක්වමින් පැවසුවේ සම්පූර්ණයෙන් නිවාස හානි වෙනුවෙන් රු. ලක්ෂ 50ක දීමනාව ලබාදෙන විට අර්ධ නිවාස හානි සම්බන්ධයෙන් එම හානියේ තක්සේරුව අනුව රු. ලක්ෂ 25ක උපරිමයකට යටත්ව වන්දි මුදල තීරණ කළ යුතු වන බවයි.

ඒ අනුව අර්ධ නිවාස හානි වෙනුවෙන් රු. ලක්ෂ 10,15,20,25 වැනි ආකාරයට කාණ්ඩ කර හානියේ ප්‍රමාණය අනුව එම මුදල දිය හැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් මෙය නිවැරදි ලෙස ක්‍රියාත්මක විය යුතු අතර කුමන තැනකින් හෝ නිසි ක්‍රමවේදයෙන් බැහැර වුවහොත් එහි සීමාවක් නොමැතිවනු ඇති බව ජනාධිපතිවරයා පැවසීය.

අර්ධ නිවාස හානි වලදී නිවසේ ප්‍රමාණය සලකා තීරණ නොගන්නා ලෙසත් සියලු දෙනා රටේ පුරවැසියන් සේ සලකා ස්ථාවර නිවසක් තුළ සුරක්ෂිත ජිවිතයක් ලබාදීම වගකීම ලෙස ගනිමින් කටයුතු කරන ලෙසයි එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් නිලධාරීන් වෙත උපදෙස් දුන්නේ.

ආධාර, වන්දි ලබාදීමේදී විශාල ගැටළු මතුවූ ඉතිහාසයක් පවතින හෙයින් මේ අවස්ථාවේ සාධාරණව ක්‍රියා කරමින් හිමිකම් සහිත තැනැත්තා වෙත වන්දිය ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...