SL tv : කිංස්ලි ඕස්ට්‍රේලියාවේ සිට අලුත් වැඩකට අතගසයි

ප්‍රවීන සන්නිවේදක කිංස්ලි රත්නායක විසින් SL tv නමින් නව ටෙලිවිෂන් නාලිකාවක් ආරම්භකර තිබේ. තොරතුරු සහ වින්දනය සරලව ගෙනඒම මූලික අරමුණින් යුතුව එම නාලිකාව ආරම්භ කරනබව ඔහු පවසයි.

ඔස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ සිටිනා ලාංකිකයන් හට චැනල් 31 නාලිකාවෙන් සෙනසුරාදා උදේ නවයේ සිට සහ ලොව පුරා විවිධ රටවල වෙසෙන විදෙස්ගත ලාංකික ප්‍රජාවට sltv.com.au වෙතින් මෙම රුපවාහිනී සේවාව නැරබීමට හැකිවනු ඇත.

ප්‍රවෘත්ති හා කාලීන තොරතුරු සේම, දේශපාලනය මෙහි නොමැති බවත්, අපූරු වැඩසටහන් පෙලගැස්මකින් නවමු ආකාරයට රසවින්දනය ලබා දීමට අදහස් කරන බවත් කිංස්ලි වැඩිදුරටත් පැවසිය.

www.sltv.com.au වෙබ් අඩවිය හරහා ටෙලිවිෂනයේ යූටියුබ් නාලිකාවට නොමිලේ ලියාපදිංචි වීමෙන් ඔබටද එහි ග්‍රාහක සාමාජිකත්වය ලබාගත හැක. සාමාජිකත්වය වෙත පිරිනැමෙන විශේෂ අවස්තාවන් සදහා එහිදී ඔබට දොරටු විවර වනු ඇත.


එක්වෙමු-වෙනස් වෙමු-අලුත් වෙමු  …ඒ   SL tv පැතුමයි.

කිංස්ලිගේ අලුත් ප්‍රවේශයට හා SL tv නාලිකාවට LNW උණුසුම් සුබපැතුම් !

https://youtu.be/quxt2DkFyJA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...