පැල සුරැක, ඇගයෙන සම්මාන උළෙලක්

Date:

මෙරට පාසල් ක්ෂේත්‍රය තුළ සියලුම ක්‍රීඩා ආවරණය කරමින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ සම්මාන උලෙළක් පැවැත්වීමට ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනය සැලසුම් කර තිබේ. පළමුවරට මෙවැනි සම්මාන උළෙලක් සංවිධානය වන අතර එය ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය. ස්පෝර්ට්ස්ලිෂ් පාසල් ක්‍රීඩාක සම්මාන උලෙ ලෙසින් පැවත්වෙන එම සම්මාන උලෙළ සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ ජාතික ක්‍රීඩා කවුන්සිල වත්මන් සභාපති අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කිංග්ස්බරි හෝටලයේදී පවත්වන්නට යෙදිණි.
සියළුම ඉසව් ආවරණය වන පරිදි ශ්‍රී ලාංකේය පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම වෙනුවෙන් පවත්වන මෙම සම්මාන උලෙළ සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විසිකිරීම් ඉසව්වන් හී ජාතික වාර්තාලාභියෙක්ව සිටි විශිෂ්ටතම මලල ක්‍රීඩකයකු වන ටලොව් අලෙයිලිමා විසිනි. මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ වැඩි අවධානයට ලක් වූ සිල්ක් සම්මාන උලෙළේ නිර්මාතෘ වන ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනයේ සභාපති තිලාන් රංගන මහතාගේ සංකල්පයකට අනුව පැවැත්වෙන මෙම සම්මාන උළෙල අලෙයිලිමා මහතා විසින් පිහිටුවනු ලැබූ ස්පෝර්ට්ස්ලිෂ් ආයතනයේ පූර්ණ අනුග්‍රාහකත්වය ඇතිව මෙම සම්මාන උළෙල පැවත්වේ.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...

සුඩානයේ RSF ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ...

දයාසිරි අදත් ඇවිලෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අධ්‍යක්ෂ...