*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

නැවියන් වැස්සට ගසාගෙන ගිය තරගාවලියේ වීරවරිය හෙල්ලෙන් පිත්තට මාරු වුණ හංසිමා

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශමිමි සිල්වා කියන්නෙත් පාසල් වියේදී හිටපු දක්ෂ හෙල්ල වීසිකිරිමේ සූරයෙක්.ඒ ගැන මීට පෙර අප සටහනක් තැබුවා.ඒ වගෙම චාමික කරුණාරත්න නම් තුන් ඉරියව් ක්‍රීඩකයත් සිය පාසල් වියේ දී තමන්ගේ වයස් කාණ්ඩයන් පසු කළේ හෙල්ල විසි කිරීමේ සූරතාවයත් සමඟමයි.රත්කපුර සුමනා බාලිකාවෙන් මලල ක්‍රීඩා පිටියට එන හංසිමා කරුණාරත්නත් ජාතිත මට්ටමේ සිය වයස් සීමාවේ හෙල්ලේ හපනියක් වුව ත්,ඇයගේ ක්‍රිකට් හැකියාව හෙල්ල පසෙක තබා පිත්ත අතට ගන්නට බල කළා.

මෙවර කාන්තා පළමු පෙළ තරගාවලිය නිමාවේ දක්ෂතම ක්‍රීඩිකාව වන්නේ හංසිමා කරුණාරත්න.ඇයය මේ ඇගයීම ලැබෙන්නට ඇය පිත්තෙන් දැක් වූ විශිෂ්ඨ දස්කම් බෙහෙවින් බලපෑවා.හොදම පිතිකාරිණිය වූයේ හර්ෂිතා සමරවික්‍රමයි.පන්දු යවන්නිය වූයේ ඉනෝකා රණවීරයි.මේ තිදෙනාම අවසන් පූර්ව තරගවලදී තරගාවලිය හැර යන්නට වන නාවික හමුදාවේ ක්‍රීඩිකාවන්.අවසන් පූර්ව තරගයේදී යුද හමුදාවට එරෙහිව ජය පෙනී පෙනී සිටියදී ලද පරාජය ඔවුන්ට ළඟා කළේ ඩක්වර්ත් අන්ඩ් ලුවිස් වැසි නීතියයි.එසේ නොවන්නට මේ දක්ෂයන් තිදෙනාට නාවික හමුදාව අවසාන තරගයටත්,කුසලානයටත් රැඟෙන යන්නට තරමේ හැකියාවක් තිබුණා.

ඕෂධි

හොඳම පිතිකාරිණිය වෙන්නට හර්ෂිතාට බල පෑ දස්කම් ඉනීම් 6,ලකුණු 209,පිතිකරණ සාමාන්‍ය 69.67හොදම ඉනීම NCC කණ්ඩායමට එරෙහිව පන්දු 141කදී නොදැවී ලකුණු 126 ක් සේ සටහන් වි තිබුණා.ඉනෝකා රණවීරගේ දක්ෂතාවය ඉනීම් 6,කඩුලු 18,දළ ලකුණු වේගය 1.94,හොදම පන්දු යැවීම NCC කණ්ඩායමට එරෙහිව ලකුණු 14ට කඩුලු 7 ලෙසත් තරගාවලියේ වටිනාම ක්‍රීඩිකාව වූ හංසිමාගේ දස්කම් ඉනීම් 5,ලකුණු 250,සාමාන්‍ය 62.5,ප්‍රහාරාත්මක වේගය 122.55,හොදම ඉනීම Ace Capitals කණ්ඩායමට එරෙහිව පන්දු 89කදී ලකුණු 119ක් ලෙසත් දැක්වූණා.

අවසාන තරගයේදී ද වර්ෂාව තරගයේ ජයග්‍රහණය තීරණය කළා.ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලකුණු 11 න් ශ්‍රී ලංකා යුද හමුදාව පරාජයට පත් කළා.පළමුව පන්දුවට පහර දුන් යුද හමුදා ඉණිම සම්පූර්ණයෙන්ම තමා වටා ගොඩ නැඟූ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකා නිලක්ෂි ද සිල්වා විශිෂ්ඨ ඉණිමක නියැලුණා.පන්දු ඕවර් 50 නිමාවන විට කඩුලු 8 ට එකතු වී තිබුණ ලකුණු 154 න් ලකණු 72 ක් නිලක්ෂිගේ පිත්තෙන් වාර්තා වී තිබුණා.ඔෂධි රණසිංහ ගුවන් හමුදාව වෙනුවෙන් ප්‍රබලම බලපෑම ඇති කරමින් ලකුණු 20 ට කඩුලු 3 ක් දවා ගත්තේ පන්දු ඕවර් 9 යවමින්.

ලකුණු 155 ක ඉලක්කයට සමීප වෙන්නට උක්සාහ දරමින් සිටියදී පන්දු ඕවර් 37 ක් නිමා වන විට වර්ෂාව විසින් තරගය ආක්‍රමණය කළා.ඒ වන විට ගුවන් හමුදාව සිටියේ කඩුලු 3 ක් දැවී ලකුණු 110 කබා ගෙන තවත් ලකුණු 45 ක් පිටුපසින් වුවත්,ඩක්වර්ත් ඇන්ඩ් ලුවිස් න්‍යාය අනුව එය ගුවන් හමුදාව අවශ්‍යය ලකුණු වේගයට වඩා ලකුණු 11 ක් ඉදිරියෙන් තැබීමක් වුණා.ජයග්‍රහණය තීරණය වන මොහොතේ පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද නායකත්වයේ වගකීම ගුවන් හමුදාව වෙනුවෙන් ඉටු කරමින් නොදැවී ලකුණු 34 ක් ලබා සිටි ඕෂධි රණසිංහ අවසාන තරගයේ වීරවරියට සුදුසුකම් ලබා ගත්තා.

ගුවන් හමුදාව වෙනුවෙන් තරගය අරඹමින් ලකුණු 26 ක් ලබා ගනිමින් ද,පන්දු ඕවර් 9 යවමින් එම පන්දු ඕවර් 9 ලකුණු 27 ට සීමා කරමින් ද,කාලයක් ශ්‍රී ලංකාව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා චමරි පොල්ගම්පළ පෑ දස්කම් ද ඉහළ මට්ටමක තිබුණා.මෙවර තරගාවලියට අලුත් ක්‍රීඩා සමාජවලට ලැබුණු අවස්ථාව ඔස්සේ අලුත් මුහුණු හඳුනාගන්නට ලැබුණ ඉඩ අතිශයින්ම වැදගත් කොට සිතිය හැකියි.එසේම මේ වන විට කාන්තා පාසල් ක්‍රිකට්,පිරිමි පාසල් ක්‍රිකට් ව්‍යාප්තියට වඩා ව්‍යාප්තියේ වෙනසක් දකින්නට තිබෙනවා.ඒ ගම හරහා පැතිරීමේ ස්වභාවයේ වර්ධනයක් දකින්නට තිබෙන නිසයි.ඒ නිසාම පිරිමි ක්‍රිකට් ක්‍රීඩාවටත් වඩා කාන්තා ක්‍රිකට්වල ශ්‍රී ලංකාව කියන නාමයට අදාළ ව්‍යාප්තිය පළල වෙමින් රට පුරා නිවැරදි දක්ෂයන් ඉදිරියට ඒමේ ඉඩක් නිර්මාණය වෙමින් තිබීම වැදගත්.ඒ හරහාම දක්ෂතාවය හරහා ගොවි කම්කරු පවුල්වල දරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ලබා දෙන ඉඩ හසර ප්‍රයෝජනයට ගෙන ජාතික ම්ටටමට ඒමෙ මාවත් පුළුල් වෙමින් තිබෙන අතර වානිජමය වශයෙන් ආයතනික ලෙස මේ ක්‍රීඩිකාවන්ගේ අනාගතය පෞද්ගලික අංශයන් හී රැකියාවලට යොදවන්නට හැකි ලෙස ක්‍රීඩාව ගමට යාමේ වේගයට සමානව අධ්‍යාපන පහසුකම් ද ගමට යා යුතුව තිබෙනවා.

ගමේ අධ්‍යාපනය ක්‍රිකට් සමඟම මෙි ක්‍රීඩිකාවන් බැංකු කේෂ්ත්‍රය වැනි ආයතන සමඟ අඩුම තරමේ ජාත්‍යන්තර භාෂා හැකියාව සමඟ සම්බන්ධ කළ හැකි පරිදි හෝ ඉදිරියට ගෙන ඒමට සමත් වුවහොත් එය අනාගත කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ශක්තියට අතිශයින් වැදගත් ආයෝජනයක් වෙනු ඇත.

අවසන් තරගයේ ලකුණු පූවරුව
https://srilankacricket.lk/womens-major-club-tournament/?type=scorecard&mId=618&cId=27&dId=1&sId=112

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan