*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

සොබාදමේ අපූරු නිමැවුම ‘ කඩොලාන’

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  සොබාදහම පුදුමාකාරය. ඒ, විටෙක සැඩ පරුෂ විය හැකි මුත් එයම තවත් විටෙක මවුවත් ගුණැතිය. එය එසේ වුවද පරිසරයෙන් දුරස්ථව විසීමක් පිළිබඳ මිනිසාට සිතිය නොහැකිය. එසේම, එය එසේ වුවහොත් පරිසරයේ ආදර, සැලකිලි මහිමය මිනිස් සංහතියටම නොලැබී යනු ඇත. ඉඳින්, අපේ මේ සූදානම ඒ වග හොඳින්ම දනවන සොබා චාරිකාවක යෙදෙන්නටයි. අපි දැන් ඊට එළැඹෙමු. එවිට මිනිසා ගේදොර ඉඩකඩම්වලට වඩා දුරස්ථ යැයි සලකන පරිසරය සැබෑවටම ගත් විට කිසිසේත් දුර නැති බව ඒත්තු ගන්වනු ඇත. එවිට අප ද එහිම කොටසක් බවටත් ඉන් අවධාරණය කරනු නියතය.

අප තවම සිටින්නේ චාරිකාව ආරම්භයේය. සැබැවින්ම අපේ මේ ගමන යෙදෙන්නේ නිතර දෙවේලේ විනෝද චාරිකාවල යෙදෙන ඉසව්වකට නොවේ. මිනිස් වාසය අඩු පෙදෙසකටය. එවන් මේ ගමන කලපු මැදින් අතු පතර ඈත්, මෑත් කරමින් මඟ හසර පාදා ගනිමින් පරිසරය විඳිමින් ලැසි ගමනින් ඉදිරියට ඇදෙන්නකි. ඒ වේගවත් නැත. උද්වේගකර නොවන්නකි. ඒ සැබෑ වෙනසකි. වෙනදා යන බජව් පන්නයේ විනෝද චාරිකාවට වඩා සැබෑ වෙනසක් ජීවිතයට එක් කරන්නකි. මේ අලුත් දැනුමක්, අවබෝධයක් තැවරුණු අත්දැකීම් සාගරයකි. එහෙත් විනෝදාස්වාදයේ අඩුවක් මෙහි නොවේ. එවිට වචනයෙන් කිව නොහැකි තරමේ සැබෑ සිසිලසක් විඳ ගත හැකි වනු ඇත. එසේම, මතු පරපුරටත් ඒ සුව විඳ ගැනීමට ඔබත් කටයුතු කරනු නියතය. කඩොලාන ලොව පුරා දක්නට නැත. එහෙත් මෙරට කඩොලාන පද්ධතිවලින් පෝෂිතය. සුවිශේෂී කඩොලාන වර්ග 70ක් පමණ මෙරට වැඩේ. ලෝකයේ දක්නට ලැබෙන කඩොලාන විශේෂ වලින් තුනෙන් එකක් පමණ මෙරටින් හඳුනාගත හැකිය. එය තවත් විශේෂත්වයකි.

කඩොලාන බෝවීම

ඉඳින්, මිනිස් වාසයේ දක්නට ලැබෙන ඇතැම් ගති සොබාදමේ ඇතැයි එක් ඉපැරැණි කියමනකි. අලි ඇතුන් රැලේදී කුඩා පැටවුන් වෙනුවෙන් රැලේ අන් ඇතින්නන්ටත් කිරි එරෙතැයි කියැවෙයි. ඒ සත්ත්ව සංහතියෙනි. ගස් කොළන් ඇතුළු ශාක ඇසුරෙන් ද එය එසේම වන වගට කඩොලාන කදිම නිදසුනකි. තවද, මිනිසා පරිසරය සමඟ සහසම්බන්ධතා කඩා බිඳ දමන විට ඒ ප්‍රකට නොවන්නකි. එය මෙසේය. කඩොලාන බෝ වන්නේ ඒ ශාකයේම බීජය එම ශාකයම පැළයක් වන තෙක් පෝෂණය කිරීමෙන් පසුව කලපුවට වැටීමෙනි. ඒ අනුව ඊට ද අපූරු අර්ථකථන දිය හැකිය.

එහෙත් තවම එතරම් ඒ විචිත්‍රතාව ගවේශකයන්ගේ සැලකිල්ලට හසු නොවූ හැඩකි. එපමණක් නොවේ. කඩොලාන පද්ධති ආශ්‍රිතව සතුන් රැසක් ජීවත් වන වගත් සැබෑවකි. වෙනත් බොහෝ ශාක පද්ධති මුහුණ නොදෙන තරමේ අභියෝගවලට කඩොලාන පද්ධති මුහුණ දෙයි. සැබැවින්ම ඒ අතිශය සෝබරය. දිනකට දෙවරක් වඩදිය, බාදිය වෙනසට මුහුණ දෙන කඩොලාන ශාකයට එසේම, ගංවතුර, රොන්මඩ, ඉතා අඩු අව් රශ්මිය ආදියට මුහුණ දෙමින් නොනැසී නැඟී සිටීමම අතිශය දුෂ්කරය. කරු මුල්, කයිරු මුල් ලවණ ජලයට හැඩ ගැසේ. දිවා කාලයට මෙහි පත්‍රවල කුඩා ලුණු කැට දක්නට පුළුවන. එතරම් කර්කශ පරිසර පද්ධතියක වැඩෙමින් කඩොලාන මවන පරිසර සුන්දරත්වය අතිමහත්ය. විචිත්‍ර පත්‍ර, මල් ඊට නිදසුන්ය. උල්මන්ද කඩොලාන අතින් තවත් වෙනස් කතාබහකට පිවිසිය හැක්කකි. විටෙක මහා රූස්ස ගසක් වශයෙන් වැඩෙන එය තවත් විටෙක කුඩාවට දක්නට පුළුවන. එමෙන්ම, කඩොලාන පද්ධතියේ වෙසෙන සතුන් වෙනම මාතෘකාවකි. තෙලකීරිය ධීවර ප්‍රජාව පවා ළං නොවන්නකි. එහෙත් එහි සත්ත්ව විශේෂ රැසක් වෙසෙති.

අපි දැන් මෙතෙක් යාත්‍රා කළ කලපුවෙන් ගොඩබිමකට සේන්දු වෙමු. ඒ ගව දෙනුන් ගහණ බිමි කඩකටයි. වෙනස් කියවීමකට දැන් යොමුවෙමු. අපි ඊට ව්‍යවහාරයේ පවතින (cow) යන වචනයත් උපකාරී කර ගනිමු. එවිට අපට ඉන් වෙනස්ම ජීවිතාවබෝධයක් සැලසෙනු ඇත. ඒ වෙනුවෙන් අපි සොබාදහම පිළිබඳ මෙතෙක් මනසේ ඇදී තිබූ විචිත්‍ර චිත්‍රය මඳකට අමතක කරමු. කඩොලාන ඇසුරේදී විචිත්‍රත්වය අත්විඳි අප දැන් සොබාදහමේම වෙනත් පැතිකඩක් ඇසුරෙන් තවත් අලුත් කියවීමකටත් පිවිසෙමු.

දැන් අපි වෛද්‍ය විද්‍යාත්මක කෝණයෙන් අවට බලමු. ඊටම ආවේණික අරුතක් අපි පොදුවේ (cow) විදියට දකින සංකේතයට වෙයි. එනම්, case of the weak (cow) වශයෙනි. වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණවලදී නිතර මේ ගැන අවධානය යොමු වෙයි. එසේම, ඊට අනුව මේ වාක්‍ය කෙටිකර දැක්වීමේදීත් දැක ගැනීමට ලැබෙන්නේ (cow)යන්නමය. එපමණක් නොවේ. වෙනත් කාරණාවකට අදාළව ඊටත් වඩා වැඩි වෙනසක් මේ එකම (cow)යන පදයටම පටබැඳෙන්නට පුළුවන. නිදහසට කවුරුත් කැමැතිය. එහෙත් මෙරට පිරිමින්ට තරම් හිතුමතේ දවස නිමාවේදී හෝ සති අන්තයේදී සොබාදහමට පිවිස ඒ නිදහස විඳින්නට බොහෝ කාන්තාවන්ට අවස්ථාවක් නැත. ඒ වෙනමම කතා කළ යුත්තකි.

පාරිසරික තෙත් බිම්

මේ කියන්නට යන්නේ ඇළේ, දොළේ පැන දවසේ විඩාව, කාන්සිය නිමා ගැනීම ගැනය. ඒ කවුරුත් ප්‍රිය කරන්නකි. අපි ඒ ගැන කෙටියෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වා දුනහොත්, call of the wildside (cow) වශයෙන් නැවත පෙන්වා දිය හැකිය. ඒ ජීවිතයේම තවත් පැතිකඩකි. දැන් අපි ඉංජිනේරුමය පැත්තෙන් මේ දෙස බලමු. එවිට ඒ අතින් ද මෙයට නිර්වචන දිය හැකිය. එනම්, code weak ලෙසිනි. එපමණක් නොවේ. පරිසරයට, වන සතුන්ට පෙම් බඳින කවුරුත් conserve our wild යන්න ද අපට (cow)ලෙසින්ම කෙටි කර ගැනීමට පුළුවන. මේ ඉතා කුඩා සරල පෙන්වා දීමකි. එහෙත් ඉනුත් සත්ත්වයා හා පරිසරය දෙකම එකම දම් වැලක පුරුක් මෙන් එකට බැඳී සිටින වග ඒත්තු ගැන්වෙනු ඇත. ඒ අනුව කිසිවිටෙකත් පරිසරය නොතකමින් ඉදිරි ගමනක යෙදීමට මිනිසාට නොහැකි වග පැහැදිලිය. එතැනින් දැන් අපි නැවත අපේ තෙත් බිම් දෙසට හැරෙමු. ඒ පිළිබඳ අපට කඩොලාන අමතක කර කතා කළ නොහැකිය. ඒ තරම්ම මිනිස් ජීවිතයට මෙරට සෑම පරිසර පද්ධතියකම දක්නට නොමැති වුවත් කඩොලාන කරන බලපෑම අති දැවැන්තය. ඇතැම් විට බොහෝ දෙනකු තවම ඒ ගැන නොදන්නවා වන්නටත් පුළුවන. ඒ අනුවය, කෙළවරදී අපට conserve our wetlands(cow) වශයෙන් එකම හඬක් නඟන්නට සිදු වන්නේ, ඒ මෙපරිද්දෙනි. ඉන් කියාපාන්නේ පරිසරයට කිසිසේත් අඩු සැලකිලි දැක්විය නොහැකි බවය. ඒ, අප ද පරිසරයේ කොටසක් වන බැවිනි. දැන් අපි නැවත කලපු දියවර ඔස්සේ කඩොලාන සිසාරා ගමන් අරඹමු.

අලුත්ම දත්ත අනුව සලකා බැලුව ද එය එසේමය. නූතන මිනිසුන් පරිසරය සමඟ පැවැති සහසම්බන්ධතා බිඳ දැමීමෙන් බෙහෙවින් අවුල් වියවුල් පැන නැඟී ඇත. පිරිසුදු ජලය අද ලෝකයේ ගැටුම් ඇති කරවන තැනට ඔඩු දුවා ඇත්තකි. ඊශ්‍රායල – පලස්තීන නූතන අර්බුදය පසුපස ද ඒ එසේමය. අද ලෝකයේ දියුණුම රටවල් රුපියල් බිලියන ගණනින් climate finance වෙනුවෙන් වෙන් කරන බව නොරහසකි. එසේම, ඒ පිළිබඳ ලෝක ප්‍රකට පුවත් වෙබ් අඩවි රැසක් නිරන්තරයෙන් අලුත් තොරතුරු වාර්තා කරනු දක්නටත් පුළුවන. එහෙත් පරිසර සංරක්ෂණයට මුවාවී බොහෝ රටවල් තවමත් යෙදී සිටින්නේ සංවර්ධන මාවතේම වගත් ජනමාධ්‍ය මඟින් බොහෝ ගවේශනාත්මක වාර්තා ඔස්සේ හෙළිදරව් කර තිබේ. ඊට රොයිටර් පුවත් ඔස්සේ මෑතකාලීනව කළ එක් හෙළිදරව්වකට අනුව මෙහි සැබෑ තතු හෙළි වෙයි. ඒ අනුව ඩොලර් මිලියන 167ක් climate finance සඳහා වෙන් කළ බවක් රුවා දැක්වූ එක් රටක එක් ව්‍යාපෘතියක් නිරීක්ෂණය කළ විට එහි ඇතුළත් සෝලා පද්ධති ඇතුළු ඉතා කුඩා ප්‍රතිශතයක් පමණක් ඒ ගණයට අයත් වගත් පොදුවේ බහුතර වශයෙන් සිදු කෙරෙනුයේ වෙනදා පරිසරයට බලපෑම් කරමින් යෙදුණු ගමනම වන වගත් බොහෝ විට පැහැදිලිය.

කාබන් අද ලොවේම අවධානය යොමු වූ මෘතෘකාවකි. ඒ අර්බුදයට යම් පිළියමක් වශයෙන් කඩොලාන වගාවට පිවිසීමේ ප්‍රවණතාවක් ලෝකයෙන් දක්නට පුළුවන. සැබැවින්ම කාබන් ප්‍රතිශතය අඩු කිරීමට දායක වීම කඩොලාන මඟින් වන එක් මෙහෙයක් පමණි. අනෙක, කඩොලාන හිතුමතේ ඕනෑම පරිසර පද්ධතියක වගා කළ නොහැකි වගය. ඇතැමුන් ඒ පිළිබඳ නොදන්නා වග පෙනෙන්නට තිබේ. එය එසේ නොවන්නට අනුරාධපුරයේ කඩොලාන වගා කිරීමට ඇතැම් විද්වතුන් යෝජනා නොකරනු ඇත.

කඩොලාන විනාශ වුවහොත්

එසේම, වෙනත් අගනා පරිසර පද්ධතියක් වනසා ඒ මත කඩොලාන වගා කිරීමට පෙලඹුණු අවස්ථා ද දක්නට පුළුවන. එහෙත් ඒ තිරසර නොවන්නකි. සැබැවින්ම මෙරට මේ වන විට දක්නට ලැබෙන්නේ කඩොලාන හෙක්ටයාර් 19000ක් තරම් ප්‍රමාණයකි. වර්ෂ 1980 සිට මේ දක්වා මෙරටට හිමිව තිබූ කඩොලාන පද්ධති වලින් හෙක්ටයාර් 10,000ක් පමණ මිනිස් ක්‍රියාකාරකම් ඇතුළු විවිධ කරුණු නිසා වැනසී ගොසිනි. යම් හෙයකින් කඩොලාන පද්ධතියක් විනාශ වුවහොත් නැවත ස්ථාපනය අතිශය දුෂ්කරය. වයඹ පළාතේ ආනවිළුන්දාව ඇතුළු පළාත් ගණනාවකදීම ඉස්සන් වගාව නිසා ඒ තත්ත්වය අත්වූ කඩොලාන පද්ධති බෙහෙවින් දක්නට පුළුවන. එහෙත් රටක් වශයෙන් කඩොලාන තවදුරටත් වර්ධනය කර ගැනීම අපට ඉතා වැදගත්ය. එහෙත් එය ආවාට ගියාට කළ නොහැක්කකි. ඒ පිළිබඳ දැනුමැත්තන්, විද්වතුන් එකතු කර ගනිමින් කළ යුත්තකි. වර්ෂාවට, රැලිවලට නතු වෙමින් මිනිස් ප්‍රජාව රැක දීම කඩොලානෙන් වන තවත් මෙහෙයකි. සුනාමි ආදී උවදුරුවලදී ඉන් වූ සේවය අමුතුවෙන් විස්තර කළ යුතු නැත. මේ අනුව මිනිසා ඇතුළු සත්ත්ව සන්තතියේ උන්නතියට අනභිභවනීය මෙහෙයක් ඉටු කරන කඩොලාන පද්ධති අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කොට පෝෂණය කිරීම කාගේත් වගකීමක් වන වග අවිවාදිතය. ඒ සිහියට නැඟෙන විට අවරගිරින් හිරු බැස යනු පෙනේ. ළා හිරු රැසින් කරදිය වළල්ලට මෙපිට කලපුව රන්වන් පැහැ ගන්වා ඇත. අප තවමත් මෙරට කඩොලාන පරිසරය රැක ගැනීමට පමා නැති වග ඉන් කියාපාන්නාක් මෙනි.

ජාතික කඩොලාන විශේෂඥ කමිටුවේ සභාපති, වයඹ විශ්වවිද්‍යාලයේ ධීවර හා ජලජ ජීවී අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය පැවැත්වූ දේශනය ඇසුරෙන් මේ ලිපිය ලිවූවෙමි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan