54වසරක සිරියාවේ අසාද් පාලනය බිඳ දමා HTS බලය අත්පත්කරගනී!

Date:

කොළඹ LNW:සිරියාවේ පාලන බලය Hayat Tahrir al-Sham හෙවත් HTS සංවිධානය වෙත භාරදීමට එරට අගමැති තීරණය කර තිබේ.

සිරියා ජනාධිපති බෂාර් අල් අසාද් පාලනයට එරෙහිව HTS කැරළි කණ්ඩායම විසින් ගෙන ගිය සටනේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය 08 වැනිදා ඔවුන් සිරියාවේ ඩමස්කස් අගනුවර අත්පත් කරගැනීමෙන් අනතුරුව අසාද් පාලනය විසින් උක්ත තීරණය ගෙන තිබේ.

සිරියානු ජනාධිපතිවරයාද සිය පවුලේ සාමාජිකයින් සමඟ මේ වන විට රටින් පලාගොස් ඇති අතර ඔහුට රුසියාවේ සරණාගාතභාවය ලැබී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ.

සිරියාව තුළ මෙලෙස බිඳ වැටී ඇත්තේ 54 වසරක අසාද් පාලනයයි.

ඒ අනුව HTS සංවිධානය විසින් අත්පත්කරගත් මෙම ජයග්‍රහණය සිරියාව තුළ පමණක් නොව විදෙස්ගතව සිටින සිරියානුවන්ද සමරමින් සිටින බව වාර්තා වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...

ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයෙක් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රු. ලක්ෂ 10ක්

කොළඹ LNW:අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම්...

ශ්‍රී ලංකාව ආශ්‍රිත “දිට්වා” සුළිකුණාටුව පිලිබඳ රතු අනතුරු ඇඟවීම් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවර ගිනිකොණ දෙසින් පැවති ගැඹුරු...