*
Monday, January 13, 2025
spot_img

Latest Posts

ඕස්ට්‍රේලියානු ධජය ඉහළට ඔසවන සුඩාන වේග නූල – ගොවුට්

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 10 ,(LNW) කොළඹ :

මේ මොහොතේ ලෝකයම කතා කරන ක්‍රීඩා තරුව බවට පත් වී ඇත්තේ ගොවුට් ගොවුට් ය.16 හැවිරිදි මේ ඔස්ට්‍රේලියානු කෙටි දුර ධාවකයා සිය වේගයෙන් ලෝකයම වසඟයට ගෙන ඇත.අවුරුදු 17 සම්පූර්ණ වීමට පෙර මීටර් 200 ක් වැඩිම වේගයකින් දිව ගිය ක්‍රීඩකයා වන්නේ ගොවුට් ය.තත්පර 20.04 න් ඔහු එම දස්කම සිඳුකළේ ක්වින්ස්ලන්තයේ,බ්‍රිස්බේන් හී පැවති සමස්ත ඕස්ට්‍රේලියානු මලල ක්‍රීඩා සූරතාවලියේදීය.අවුරුදු 18 න් පහළ වයස් කාණ්ඩයේ මිටර් 200 ජය ගැනීම සඳහා ගොවුට් වාර්තා කළ කාලය වන තත්පර 20.04 අතර වාර්තා විමෙන් පසුව ඇති වූ තත්ත්වය සාරංශ කළ විට මෙසේ විය.


• එය සමස්ත ඕසට්‍රේලියානු මීටර් 200 පිරිමි වාර්තාව විය.වසර 56 ට පෙර 1968 දී පීටර් නොර්මන් විසින් පිහිටුවා තිබූ වාර්තාවක් බිඳ දැමීමක් විය.
• එසේම එය ඔස්ට්‍රේලියානු මහද්වීප මීටර් 200 වාර්තාව බිඳ දැමීමක් විය.
• අවුරුදු 18 න් පහළ ලොව වේගවත්ම ධාවනයන් අතර ගොවුට්ගේ කාලය දෙවන තැනට පැමිණියේය.වේගවත්ම කාලය වාර්තා කර ඇත්තේ ඇමෙරිකාවේ එරියන් නයිට්න්ය.එහි තෙවැන්නා ලෝක පූජිත උසෙයින් බොල්ට්ය.
• එරිටන්,බෝල්ට් සහ ගොවුට් ගත් විට වාර්තාගත කාලයන් ධාවනය කරන විට එරිටන් සහ බෝල්ට් අවුරුදු 17 සම්පූර්ණ කර තිබුණත්,ගොවුට් තවමත් 16 හැවිරිදි බැවින්,එම වයසේදී මීටර් 200 ක් දිවූ වේගවත්ම ක්‍රීඩකයාත් ගොවුට් ය.


ගොවුට් මෙම තරගාවලියේදීම මීටර් 100 ද තත්පර 10.04 න් දිව ගිය අතර එය ද අවුරුදු 18 න් පහළ ලොව වේගවත්ම කාලයන් අතර සිව්වන තැන පසුවෙයි.එසේම එය සමස්ත ඔස්ට්‍රේලියානු මීටර් 100 පිරිමි කාලයන් හා සසඳන විට තිබෙන්නේ පස්වන තැනය.එහෙත් එම කාලයට සුළඟ උපකාරී වූ නිසා වාර්තාගත කාලයක් ලෙස නොගැණෙන අතර ඔහුගේ නිල හොඳම කාලය ලෙස වාර්තා වන්නේ තත්පර 10.17 ය


ගොවුට්ට මේ වසර වැදගත්ම වසර වන්නේ ඔහු ඔස්ට්‍රේලියානු ධජය යටතේ ලෝකයට පිවිසි වසර බැවින්ය.මෙවර ලීමා හී පැවති අවුරුදු 20 න් පහළ ලෝක මලල ක්‍රීඩා සූරතාවලයේ දී ගොවුට් රිදී පදක්කමට හිමිකම් කීවේය.මේ දස්කමත් සමඟ හැදෙන ගහ දෙපැත්තෙන් කියවා ගත් ඇඩිඩාස් ආයතනය ඔක්තෝම්බර් මාසයේදීම ගොවුට් සමඟ ගිවිසුමකට එළැඹුණේය.


ගොවුට් ඉපිද ඇත්තේ 2007 දෙසැම්බර් 29 වන දා ය.ඊට දෙවසරකට පෙර දකුණු සුඩානයෙන් ඕස්ට්‍රේලියාවට පදිංචියට ආ බෝනා සහ මොනිකා ගොවුට්ගේ දෙමව්පියන්ය.යහපත් ජීවිතයක් ගත කරන්නට නොහැකි භූමියකට ගොවුට්ලාව ආරක්ෂා කර ගන්න නොහැකිය.ඒ නිසා දේශපාලනිකව යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් සහ මානව අයිතීන් හී සුරක්ෂිතභාවය රටකට ලෝකය ජයගත හැකි මානව සම්පත් අයිති කර ගන්න සුදුසුකමක් බව ගොවුට්ගේ වේගය විසින් කියා දෙන්නේය.එය ඕස්ට්‍රේලියාව සතු වන්නේ වේග වාර්තාවක් ලෙස පමණක් නොවේය.රටක් මිනිසුන්ට සළකන්නේ ආදරය කරන්නේ කෙසේ ද යන්නද පැහැදිළි කරන ජයග්‍රහණයක් හැටියටය.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දත්තවලට අනුව “ලෝකයේ ඇති භයානකම මානව හිමිකම් තත්වයන්ගෙන් එකක්” ලෙස හඳුන්වා දෙන දකුණු සුඩානයේ තත්ත්වය ගත් විට ළමා විවාහ ප්‍රතිශතය සියයට 52 කි.එසේම කාන්තා දූෂණය වැනි කාරණා සම්බන්ධයෙන් ඇති තත්ත්වයද අන්තිම නරකය.නොදියුණු ගෝත්‍රික විශ්වාස සමඟ ජීවිතය ගෙවන නීතිය සහ යුක්තිය,සාධාරණත්වය අපේක්ෂා කළ හැකි මට්ටම අවම අගයක් ගන්නා රටකට ගොවුට් වැනි වේගවත් මිනිසුන් පමණක් නොව,තවත්,වෙනත් වටිනා මානව සම්පත් ද විශාල වශයෙන් අහිමි වී ඇත.


මෙහිදී සැළකිල්ලෙන් අවධානය යොමු කළ යුත් තවත් දෙයක් ඇත.ඒ ගැන ගොවුට්ගේ පියා වන බොනා GOUT යන්න නම ලියාපදිංචියේ දී සිඳු වි ඇති වරදක් ලෙස පෙන්වා දෙයි.එහි අදහස රක්තවාතය යන අදහස දෙන බැවින් එවැනි රෝගයක නමින් සිය පුතාව හැදින්වීම ගැන බොනා කණගාටු වන්නේය.සිය සංස්කෘතික උරුමයෙන් එන වටිනාකමක් ඇති වචනයක් වන GUOT යන්න යෙදිම තමන්ගේ අරමුණ වූ බව පවසන ගොවුට්ගේ පියා ඉදිරියේදී නම සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බව ද පවසා ඇත.කෙසේ වුව ද නම සංශෝධන වුව ද,නොවුණ ද ඉදිරියේ දි ඔහු අතින් කෙටි දුර ධාවනයේ විශිෂ්ඨ සළකුණු නම් සංශෝධනය වීම සිඳුවනු ඇත.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan