ජනාධිපති මන්දිර හා රජයේ බංගලා ගැන ආණ්ඩුවේ තීරණය මෙන්න!

Date:

කොළඹ LNW: රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ පාලනය වන බංගලා නිවාස,විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම සඳහා රජය තීරණය කර ඇති බව අද (10) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

ඒ අනුව ජනාධිපතිවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඒකාබද්ධව කැබිනට් යෝජනාවක් ඉදිරිපත්කර තිබෙන අතර ඊට අනුමැතිය හිමිව තිබේ.

එම පරිශ්‍රයන් හා නිවාස ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීමට හැකි වන පරිදි යෝග්‍ය ක්‍රමවේදයක් යෝජනාකිරීම සඳහා නිලධාරී කමිටුවක් පත් කිරීම පිණිස සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ පරිපාලන බලධාරීත්වය යටතේ රජයේ බංගලා නිවාස 50 ක් කොළඹ 07 සහ 05 යන ප්‍රදේශවල පිහිටා ඇති අතර හිටපු ජනාධිපතිවරුන්, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ විවිධ රාජ්‍ය ආයතන සඳහා මෙම බංගලා නිවාස වෙන් කිරීම සිදු කර තිබුණි.

මේ අතර ජනාධිපති කාර්යාලයේ පරිපාලන බලධාරිත්වය යටතේ කොළඹ, මහනුවර, නුවරඑළිය, මහියංගනය, අනුරාධපුරය, කතරගම, යාපනය, ඇඹිලිපිටිය සහ බෙන්තොට යන ප්‍රදේශවල ජනාධිපති මන්දිර පිහිටා ඇති අතර කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර අනෙකුත් ජනාධිපති මන්දිර නිරන්තර භාවිතයට ගෙන නොමැති බවද සඳහන්.

රාජ්‍ය නායකයින් ගණනාවකගේ නිල නිවස ලෙස භාවිතයට ගත් කොළඹ 02හි පිහිටා ඇති විසුම්පාය මේ වනවිට නාගරික සංවර්ධන අධිකාරියේ පරිපාලන බලධාරිත්වය යටතේ පවතී.

තවද අග්‍රාමාත්‍ය කාර්යාලයේ පරිපාලන බලධාරිත්වය යටතේ නුවරඑළියේ අග්‍රාමාත්‍ය නිල නිවාසයක් පවතින අතර එම රජයේ දේපළ නඩත්තුවට විශාල මුදලක් වැය කර ඇති නමුත් එම දේපළ ඌන උපයෝජන තත්ත්වයක පවතින බවයි වත්මන් ආණ්ඩුවේ නිරීක්ෂණ වී ඇත්තේ.

ඒ අනුව මෙම දේපළ නිසි ලෙස ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන ලෙස යෝජිත ක්‍රමවේදයකට අදාළ කරගැනීමට වත්මන් රජය තීරණය කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...