ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ නාය යෑමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW :

ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ අද (10) උදෑසන නාය යෑමක් සිදුව ඇත.

උදෑසන 4ට, ගමේ පිරිස් ක්‍රීඩාපිටියට රැස්ව ඇති බවද වාර්තා වේ.

දක්වා ඇති පින්තූරයේ ඈතින් පෙනෙන්නේ ඒ නාය ගිය කොටස වන අතර තවමත් මේ පිළිබදව තොරතුරු වාර්තා වී නොමැත.

නාය යෑම් අනතුරු අඟවා ජනතාව මෙම ප්‍රදේශයෙන් ඉවත් කර තිබුණද ඇතැම් පිරිස් ඉවත්ව ගොස් නොතිබූ බව වාර්තා වේ.