ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති හෙයින් ගංවතුර ඇඟවීම් ඉවත් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව, 1. මහඔය ද්‍රෝණිය

  1. දැදුරු ඔය
  2. මහවැලි ගඟ
  3. මහවැලි ගඟ :බදුලු ඔය උප ද්‍රෝණිය*
  4. කළු ගඟ
  5. කළු ගඟ:කුඩා ගඟ උප ද්‍රෝණිය*
  6. ගං ගඟ
  7. කැළණි ගඟ
  8. නිල්වලා ගඟ
  9. මැණික් ගඟ
  10. කුඹුක්කන් ඔය
  11. ගල් ඔය
  12. හැඩ ඔය
  13. මුන්දෙනි ආරු
  14. මාදුරු ඔය
  15. යාන් ඔය
  16. මා ඔය
  17. කලා ඔය
  18. මල්වතු ඔය
  19. මී ඔය
  20. අත්තනගලු ඔය යන ගංගා ද්‍රෝණි වෙත නිකුත් කර තිබුණු ගංවතුර අවදානම් නිවේදනය ඉවත් කර තිබේ.

කෙසේවෙතත් දිවයින් පුරා සිදුවන වර්ෂාවේ වෙනස්වීම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන අතර ඒ අනුව ගංගාවල ජල මට්ටම් වෙනස් වීම කෙරෙහි අවධානය යොමුකරමින් ගංවතුර තත්ත්වයක් ඇති වන්නේ නම් ඒ සම්බන්ධයෙන් පූර්ව දැනුවත් කිරීම් සඳහා කටයුතු යොදා තිබෙන බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: Lanka Ride තෙදින පාපැදි...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...