ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති හෙයින් ගංවතුර ඇඟවීම් ඉවත් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව, 1. මහඔය ද්‍රෝණිය

  1. දැදුරු ඔය
  2. මහවැලි ගඟ
  3. මහවැලි ගඟ :බදුලු ඔය උප ද්‍රෝණිය*
  4. කළු ගඟ
  5. කළු ගඟ:කුඩා ගඟ උප ද්‍රෝණිය*
  6. ගං ගඟ
  7. කැළණි ගඟ
  8. නිල්වලා ගඟ
  9. මැණික් ගඟ
  10. කුඹුක්කන් ඔය
  11. ගල් ඔය
  12. හැඩ ඔය
  13. මුන්දෙනි ආරු
  14. මාදුරු ඔය
  15. යාන් ඔය
  16. මා ඔය
  17. කලා ඔය
  18. මල්වතු ඔය
  19. මී ඔය
  20. අත්තනගලු ඔය යන ගංගා ද්‍රෝණි වෙත නිකුත් කර තිබුණු ගංවතුර අවදානම් නිවේදනය ඉවත් කර තිබේ.

කෙසේවෙතත් දිවයින් පුරා සිදුවන වර්ෂාවේ වෙනස්වීම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන අතර ඒ අනුව ගංගාවල ජල මට්ටම් වෙනස් වීම කෙරෙහි අවධානය යොමුකරමින් ගංවතුර තත්ත්වයක් ඇති වන්නේ නම් ඒ සම්බන්ධයෙන් පූර්ව දැනුවත් කිරීම් සඳහා කටයුතු යොදා තිබෙන බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...