ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW :

ආපදාවට පත් ප්‍රදේශවල ඇති දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරා ගැනීමේ සිද්ධීන් කිහිපයක් මේ වන විට වාර්තා වෙමින් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පවසයි.

ඔහු කියා සිටියේ, ඒ අනුව දුරකතන සහ විදුලි රැහැන් යළි යථා තත්ත්වයට පත් කරන ස්ථානවලට විශේෂ ආරක්‍ෂාවක් ක්‍රියාත්මක කරන බවයි .

මේ අතර, රඹුක්කන පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින්. රඹුක්කන, යටගම, තල්හේන්කන්ද ප්‍රදේශයේ පිහිටි දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, අදාළ සැකකරු විසින් තඹ කම්බි කිලෝ 13 කට අධික ප්‍රමාණයක් සොරකම් කර ඇති බවයි .

අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...