රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW :
ආපදා තත්ත්වයට ආධාර වශයෙන් රුසියානු සමූහාණ්ඩුව මෙට්‍රික් ටොන් 35 ක් බරැති ආධාර තොගයක් , එරට විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අද (10 ) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබෙන බව වාර්තා වේ.
එම ගුවන් යානය තුළ ජංගම විදුලි බලාගාරයක් ( Mobile Power Station ) එළවළු තෙල් , සීනි , සහල් සහ කූඩාරම් තොගයක් තිබෙන බව සඳහන් වේ.
මේවා රැගත් ඉලුෂියන් අයි.එල්.- 76 විශාලතම භාණ්ඩ ප්‍රවාහන රුසියානු ගුවන් යානය අද (10) දින පස්වරු 01.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන බව පැවසේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් ජගාරෙයාන් ( Levan Dzhagaryan ) , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක , ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර , සීමසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බව වාර්තා වේ.
