ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW :

ආපදා තත්ත්වයට ආධාර වශයෙන් රුසියානු සමූහාණ්ඩුව මෙට්‍රික් ටොන් 35 ක් බරැති ආධාර තොගයක් , එරට විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අද (10 ) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබෙන බව වාර්තා වේ.

එම ගුවන් යානය තුළ ජංගම විදුලි බලාගාරයක් ( Mobile Power Station ) එළවළු තෙල් , සීනි , සහල් සහ කූඩාරම් තොගයක් තිබෙන බව සඳහන් වේ.

මේවා රැගත් ඉලුෂියන් අයි.එල්.- 76 විශාලතම භාණ්ඩ ප්‍රවාහන රුසියානු ගුවන් යානය අද (10) දින පස්වරු 01.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන බව පැවසේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් ජගාරෙයාන් ( Levan Dzhagaryan ) , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක , ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර , සීමසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...