ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW :

ආපදා තත්ත්වයට ආධාර වශයෙන් රුසියානු සමූහාණ්ඩුව මෙට්‍රික් ටොන් 35 ක් බරැති ආධාර තොගයක් , එරට විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අද (10 ) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබෙන බව වාර්තා වේ.

එම ගුවන් යානය තුළ ජංගම විදුලි බලාගාරයක් ( Mobile Power Station ) එළවළු තෙල් , සීනි , සහල් සහ කූඩාරම් තොගයක් තිබෙන බව සඳහන් වේ.

මේවා රැගත් ඉලුෂියන් අයි.එල්.- 76 විශාලතම භාණ්ඩ ප්‍රවාහන රුසියානු ගුවන් යානය අද (10) දින පස්වරු 01.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන බව පැවසේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් ජගාරෙයාන් ( Levan Dzhagaryan ) , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක , ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර , සීමසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක රටක එකම පුරවැසියන් ලෙස සත්ජාතිකත්වයෙන් ශ්‍රී ලාංකිකත්වය මූලික කරගෙන ඉදිරියට යා යුතුයි – සජිත්

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධශාසන අමාත්‍යාංශය සහ බුද්ධශාසන...

ජනපති අනුරගේ මහා ජන රැලි දෙකක් අද

සටහන - රුවන් නෙළුගොල්ල "අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි"...

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...