ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ චක්‍රලේඛ සියල්ල නිකුත් කර ඇති අතර අදාළ සියලුම ආයතන සම්බන්ධීකරණයෙන් එම කටයුතු ක්‍රියාත්මක බව ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
ඒ අනුව බලපෑමට ලක්වූ තැනැත්තන් ග්‍රාම නිලධාරී හරහා අදාළ අංශ සමඟ සම්බන්ධීකරණය වන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.
”විශේෂයෙන් චක්‍රලේඛ නිකුත් කරලා තියෙනවා වියළි ආහාර සලාක සඳහාත් පිසූ ආහාර සලාක සඳහාත් හානියට පත්වූ නිවාස සඳහාත්, නව නිවාස සාදා ගැනීම සඳහාත්. ඒ මුල්‍යම ප්‍රකාශ ගැන අඛණ්ඩවම ජනතාව දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම මුදල්, දිස්ත්‍රික් ලේකම්තුමන්ලා, ප්‍රාදේශීය ලේකම්තුමන්ලා හරහා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ අංශයේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වයෙන් දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකවල සම්බන්ධීකරණයත් ඇතුළු සියලුම ආයතන සම්බන්ධීකරණයෙන් සහන කටයුතු සඳහා අඛණ්ඩ වැඩපිළිවෙල සිදුකෙරෙමින් පවතිනවා. විශේෂයෙන් ඔබ ග්‍රාම නිලධාරීතුමන්ලා හරහා සම්බන්ධ වෙන්න. මෙම සහන කටයුතුවලදී එම නිලධාරීන් සමඟ සම්බන්ධවීම ඉතාම වැදගත් වෙනවා.” යනුවෙන් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කරයි.
