දරුවන්ගෙන් 50%කට මන්දපෝෂණය පවතින බවට අනාවරණයක්..

Date:

මෙරට අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 50%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනු කාරක සභාව පවසයි.

එම අනුකාරක සභාව පැවසුවේ, පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෝෂණය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව අනුව එම තොරතුරු අනාවරණ වී ඇති බවයි.

ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනු කාරක සභාව එහි සභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්විය.

එහිදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ, ගර්භණී මව්වරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකයේ අගය බෙහෙවින් අඩුවී ඇති බවයි.

ග්‍රාම නිලධාරී සහ පවුල් සෞඛ්‍ය නිලධාරින් මේ සම්බන්ධ විසඳුම් සෙවිය යුතු බව එහිදි සාකච්ඡා වී තිබේ.

එම කමිටු සභාපති පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ, ප්‍රමුඛතා ලැයිස්තු සකස් කිරීම සඳහා විදුලිය බිල පදනම් කරගන්නා ක්‍රමවේදය සම්බන්ධයෙන් කමිටුවේ පළමු වාර්තාවේ යෝජනා කර ඇති බවයි.

මේ අතර, ඇඟලුම් ක්ෂේත්‍රයේ 80%ක් පමණ සේවයේ යෙදී සිටින්නේ කාන්තාවන් බවත්, අධික ලෙසම දරිද්‍රතාවයෙන් පෙළෙන්නේ එම ක්ෂේත්‍රය බවත් එහිදී අනාවරණ වි තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...