දරුවන්ගෙන් 50%කට මන්දපෝෂණය පවතින බවට අනාවරණයක්..

Date:

මෙරට අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 50%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනු කාරක සභාව පවසයි.

එම අනුකාරක සභාව පැවසුවේ, පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෝෂණය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව අනුව එම තොරතුරු අනාවරණ වී ඇති බවයි.

ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනු කාරක සභාව එහි සභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්විය.

එහිදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ, ගර්භණී මව්වරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකයේ අගය බෙහෙවින් අඩුවී ඇති බවයි.

ග්‍රාම නිලධාරී සහ පවුල් සෞඛ්‍ය නිලධාරින් මේ සම්බන්ධ විසඳුම් සෙවිය යුතු බව එහිදි සාකච්ඡා වී තිබේ.

එම කමිටු සභාපති පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ, ප්‍රමුඛතා ලැයිස්තු සකස් කිරීම සඳහා විදුලිය බිල පදනම් කරගන්නා ක්‍රමවේදය සම්බන්ධයෙන් කමිටුවේ පළමු වාර්තාවේ යෝජනා කර ඇති බවයි.

මේ අතර, ඇඟලුම් ක්ෂේත්‍රයේ 80%ක් පමණ සේවයේ යෙදී සිටින්නේ කාන්තාවන් බවත්, අධික ලෙසම දරිද්‍රතාවයෙන් පෙළෙන්නේ එම ක්ෂේත්‍රය බවත් එහිදී අනාවරණ වි තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

චීන ජනපති සහ රුසියානු අගමැති අතර හමුවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු අග්‍රාමාත්‍ය Mikhail...