වායුගෝලයේ තත්ත්වය මැනීමට නව උපකරණ – මධ්‍යම පරිසර අධිකාරිය

Date:

මෙරට වායුගෝලයේ තත්ත්වය මැනීම සඳහා නව උපකරණ සවිකිරීමට පියවර ගෙන ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

යාපනය, කුරුණෑගල සහ අනුරාධපුරය යන නගරවල නව උපකරණ සවිකර තිබේ.

මෙම උපකරණ මෙරටට ලබා දී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ය.

ඒ හරහා අදාල ප්‍රදේශයේ පවතින වායුවේ ගුණාත්මකභාවය ස්වයංක්‍රීයව මනිනු ලබන අතර එහි දත්ත එම ස්ථානයේ සවිකර ඇති ඩිජිටල් පුවරුවක් මගින් මහජනතාවට දැකබලා ගැනීමට අවකාශ සලසා දි තිබේ.

සංසරණ වායුවේ ඕසෝන්, කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, වාතයේ දූවිලි අංශු ඇතුළු දත්ත මෙම උපකරණ මගින් මනිනු ලබන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ ය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 04) දිනයේදී සබරගමුව, මධ්‍යම,...

සිංගර් විශ්වාසය සමග මෙරට වෙළඳපොලට අලුතින්ම එකතුවන TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු...

දැන් අපේ රටේ වී වගාවට යටකරලා තියෙන කුඹුරු ප්‍රමාණය හොඳටම ඇති ! – කෘෂිකර්ම ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට ශ්‍රී ලංකාවේ වී වගාව...

විපක්ෂ නායක සජිත් ඉන්දියාවේ නිල සංචාරයක

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ...