වායුගෝලයේ තත්ත්වය මැනීමට නව උපකරණ – මධ්‍යම පරිසර අධිකාරිය

Date:

මෙරට වායුගෝලයේ තත්ත්වය මැනීම සඳහා නව උපකරණ සවිකිරීමට පියවර ගෙන ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

යාපනය, කුරුණෑගල සහ අනුරාධපුරය යන නගරවල නව උපකරණ සවිකර තිබේ.

මෙම උපකරණ මෙරටට ලබා දී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ය.

ඒ හරහා අදාල ප්‍රදේශයේ පවතින වායුවේ ගුණාත්මකභාවය ස්වයංක්‍රීයව මනිනු ලබන අතර එහි දත්ත එම ස්ථානයේ සවිකර ඇති ඩිජිටල් පුවරුවක් මගින් මහජනතාවට දැකබලා ගැනීමට අවකාශ සලසා දි තිබේ.

සංසරණ වායුවේ ඕසෝන්, කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, වාතයේ දූවිලි අංශු ඇතුළු දත්ත මෙම උපකරණ මගින් මනිනු ලබන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ ය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...