නයිජීරියානු හමුදාව විසින් කරන ලද සමූහ ගබ්සාකිරීම් 10,000 පිළිබඳ සොයා බලන ලෙස UN මහලේකම් නයිජීරියානු රජයෙන් ඉල්ලා සිටියි.

Date:

නයිජීරියානු හමුදාව විසින් 2013 වසරේ සිට ඊසානදිග ප්‍රදේශයේ ඉතා ක්‍රමාණුකූලව හා රහසිගතව නීති විරෝධී ගබ්සා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවට පසුගිය බදාද දින රොයිටර් පුවත් සේවය වාර්තා කිරීමත් සමඟ, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් නයිජීරියානු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කළ යුතු බවයි.


රොයිටර් පුවත් සේවය විසින් අනාවරණය කරන ලද ලියවිලි හා සාක්ෂි වාර්තාවන්ට අනුව බොකෝ හරාම් විසින් පැහැරගෙන ගොස් දූෂණය කර ඇති බොහෝ කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගේ ගබ්සා කිරීම් 10,000ක් පමණ තහවුරු කරන ලදි.

මෙම තොරතුරු අනාවරණය වීමත් සමඟ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු පැවසුවේ බයිඩන්ගේ පරිපාලනය බොහෝ සේ කැළඹීමට පත්ව ඇති බවයි. ඔවුන් විසින් අබුජාහි ඇමරිකානු තානාපති කාර්යාලය හරහා මේ පිළිබඳව වැඩිදු තොරතුරු සොයා බලන අතර නයිජීරියානු රජයෙන් පරිපූර්ණ හා විනිවිද පෙනෙන පරීක්ෂණයක් අපේක්ෂා කරන බවට නිවේදනය කර ඇත.


මේ සම්බන්ධයෙන් නයිජීරියාවේ ආරක්ෂක ප්‍රධානියා පසුගිය බ්‍රහස්පතින්දා(08) කියා සිටියේ මෙම වාර්තාව අසත්‍ය බැවින්, මේ පිළිබඳ විමර්ශනය නොකරන බවයි. මේ සම්බන්ධයෙන් නයිජීරියානු රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...