නව මැතිවරණයක් ඉල්ලා දස දහස් සංඛ්‍යාත පිරිසක් බංග්ලාදේශයේ වීදි බසියි; අගමැතිනි හසීනාට ගෙදර යන්න කියයි.

Date:

බංග්ලාදේශයේ වත්මන් අගමැතිනි ෂීක් හසීනාගේ නායකත්වයෙන් යුත් ආන්ඩුවට විරෝධය දක්වමින් නව මැතිවරණයක් ඉල්ලා ප්‍රධාන විරුද්ධ පක්ෂයේ ආධාරකරුවන් දස දහස් ගණනක් ඩකා නුවර විරෝධතා ව්‍යාපාරයක් දියත් කර ඇති බව වාර්තා වේ.


මීට දින කිහිපයකට පෙර ආරක්ෂක හමුදා විපක්ෂ බංග්ලාදේශ ජාතික පක්ෂයේ (BNP) මූලස්ථානයට කඩා වැදී ඇති වූ තත්වය හේතුවෙන් එක් අයෙන් මිය යාමත් සමඟ “ෂෙයික් හසීනා ඡන්ද හොරෙක්” යැයි කියමින් විරෝධතාකරුවන් මෙලෙස වීදි බැස ඇත.


පසුගිය මාස කිහිපය පුරාම විදුලි කප්පාදුව සහ ඉන්ධන මිල ඉහළ දැමීමට විරුද්ධව රට පුරා ආන්ඩු විරෝධී උද්ඝෝෂණ පැවැත්වුණු අතර ප්‍රචණ්ඩත්වය අවුලුවාලීමේ චෝදනා මත BNP නායකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ද ගන්නා ලදි.


මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් සංවිධාන බංග්ලාදේශයේ දේශපාලන වාතාවරණය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව කනස්සල්ල පළ කර ඇත. එමෙන්ම ස්වාධීන නිරීක්ෂකයින් වාර්තා කර ඇත්තේ පසුගිය මහ මැතිවරණ දෙක හසීනාගේ ආන්ඩුව විසින් වංචා කරන ලද බවයි.


පසුගිය අඟහරුවාදා (06) බටහිර තානාපති කාර්යාල 15 ක් හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් බංග්ලාදේශයට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට, සාමකාමීව රැස්වීමට සහ සාධාරණ මැතිවරණවලට ඉඩ දෙන ලෙස බංග්ලාදේශ් රජයෙන් ඉල්ලා ඇත.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...