දකුණේ වෙඩි තැබීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  හබරාදුව, තල්පේ උතුර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති අතර , එහිදී පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි .

එහිදී, සඳහන් වන්නේ, මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් පොලිස් නිලධාරීන් බව පවසමින් නිවසේ සිටි පුද්ගලයාව මෝටර් රථයෙන් රැගෙන ගොස් වෙඩි තබා මාර්ගයේ අත්හැර දමාගොස් ඇති බවයි.

එම පුද්ගලයාගේ කලවා ප්‍රදේශයට වෙඩි තැබීම සිදු කර ඇති බවත් , තල්පේ උතුර ප්‍රදේශයේ එලෙස අත්හැර දමාගොස් සිටි ඔහු ප්‍රතිකාර සදහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

ඔහු 30 හැවිරිදි වියේ පසුවන මාතර, නාවිමන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ,  සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හබරාදුව පොලිසිය විමර්ශන දියත් කර ඇත .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...

සැඟව සිටින සම්පත් මනම්පේරි මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය...

නිවාස ආධාරය ගන්න නිර්දේශය දෙන්න 50,000ක් ඉල්ලලා. තවත් රජයේ නිලධාරියෙක් අල්ලස් දැලේ!

කොළඹ LNW: ගාල්ල, නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිවාස (තාක්ෂණික)...

කලින්ම ජීවිතයට සමු දුන් හිටපු බොක්සිං ලෝක ශූර  Ricky Hatton!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු බොක්සිං ලෝක...