දකුණේ වෙඩි තැබීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  හබරාදුව, තල්පේ උතුර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති අතර , එහිදී පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි .

එහිදී, සඳහන් වන්නේ, මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් පොලිස් නිලධාරීන් බව පවසමින් නිවසේ සිටි පුද්ගලයාව මෝටර් රථයෙන් රැගෙන ගොස් වෙඩි තබා මාර්ගයේ අත්හැර දමාගොස් ඇති බවයි.

එම පුද්ගලයාගේ කලවා ප්‍රදේශයට වෙඩි තැබීම සිදු කර ඇති බවත් , තල්පේ උතුර ප්‍රදේශයේ එලෙස අත්හැර දමාගොස් සිටි ඔහු ප්‍රතිකාර සදහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

ඔහු 30 හැවිරිදි වියේ පසුවන මාතර, නාවිමන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ,  සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හබරාදුව පොලිසිය විමර්ශන දියත් කර ඇත .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක් ව්‍යර්ථ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : කළුතර මහ නගර...

තැපැල් ගාස්තුත් වැඩි කරයි !

තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව...

ටකයිචි මෙවර මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ ප්‍රථම කාන්තා...

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...