ගාසා තීරයේ ජනගහනයෙන් අඩක් සාගින්නෙන් පෙළේ – UN

Date:

ඊශ්‍රායල්-හමාස් යුද්ධය හේතුවෙන් ගාසා තිරයේ ජනගහනයෙන් අඩක් සාගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කාල් ස්කවු ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, යුද්ධය හේතුවෙන් ආහාර සපයුම්වලින් කොටසක් පමණක් ගාසා තිරයට ලැබෙන බැවින් සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙක්ම අහාර නොමැතිව සිටින බවයි ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ,

මේ වන විට ඊජිප්තුවට මායිම්ව පිහිටි රෆා හරස් මාර්ගය පමණක් විවෘතව ඇති අතර එමගින් ගාසා තිරයට සීමිත ආහාර ප්‍රමාණයක් පමණක් ලැබෙන අතර ගාසා තිරයේ මිලියන 1.5 කට වැඩි ජනතාවක් අවතැන්ව ඇත.

මේ වන විට ඊශ්‍රායල හමුදාව දකුණු සහ මධ්‍යම ගාසා තීරයේ සිය ප්‍රහාර පුලුල් කර ඇති අතර මේ වන විට යුද්ධයේ දරුණුතම සටන් ඇවිලෙමින් පවතියි. ඊශ්‍රායල් ප්‍රහාර වලින් දරුවන් 7,000ක් ඇතුළුව සිවිල් වැසියන් 17,700ක් මේ වන විට මිගයෝස් ඇති අතර අතර හමාස් බලකොටුවක් ලෙස සලකන ඛාන් යුනිස් ඊශ්‍රායලයේ දැඩි ප්‍රහාර වලට ලක්ව තිබේ.

දින හතක තාවකාලික සටන් විරාමයක් සතියකට පමණ පෙර අවසන් වූ අතර සටන් විරාමය යටතේ ඊශ්‍රායල සිරගෙවල්වල රඳවා සිටි පලස්තීන සිරකරුවන් 180ක් වෙනුවට හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 78 දෙනෙකු නිදහස් කරන ලද මුත් තවමත් ගාසා තීරයේ හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපකරුවන් 100කට වැඩි පිරිසක් සිටිති.

පසුගිය දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී ගාසා තිරය වෙනුවෙන් මානුෂිය සටන් විරාමයක් ඉල්ලා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව එක්සත් ජනපදය සිය නිශේධ බලය යොදා පරාජය කළ අතර මේ සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් (HRW)ප්‍රකාශ කර තිබුණේ, ගාසා තීරයේ පලස්තීන සිවිල් ජනතාවට සාමූහිකව දඩුවම් කිරීම ඇතුලු කුරිරුකම් සිදු කරන ඊශ්‍රායලයට අවි ආයුධ සහ රාජ්‍ය තාන්ත්‍රික ආවරණය දිගටම ලබා දීමෙන්, එක්සත් ජනපදය යුද අපරාධවලට හවුල් වීමේ අවදානමක් ඇති බවයි.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...