*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

චමරි නැති WPL

සටහන – නිශ්මං රණසිංහ
කොළඹ (LNW)
: වේගයෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩිකාවන් අතර ලෝකයේ ඉදිරයෙන්ම කියැවෙන නමක් වන චමරි අතපත්තු මෙවරත් ඉන්දීය කාන්තා 20/20 තරගාවලිය වන WPL තරගාවලියේ වෙන්දේසියේදී මිලදී ගන්නේ නැත.එය චමරිගේ අවුලක් ද,එසේත් නැතිනම් මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් කරන කතාබහේ දී ඉන්දියානු ක්‍රිකට් පරිපාලනය වෙත එල්ල වෙන චෝදනාවන් හී ප්‍රතිපලයක් ද යන්න සිතා බැලිය යුතුය.

අපිට කවුරුත් ඕනි නැහැ අපි තමයි පොරවල් කියන සංකල්පය මේ රටේ දේශපාලනය තුළ මිනිස්සුන්ගේ හීන මානසිකත්වය පුම්බා ගන්න යෝජනා කරන්නේ රාජපක්ෂ දේශපාලනය විසින්ය.ඒවා හැඩ දමා විසිතුරු පෙණුමට සකසා ගන්නට සිංහල බෞද්ධ අස්ථානයේ සිට විද්‍යාත්මක ක්‍රමවේද යන වචනවල පාර්සල් කර පරිස්සමට මිනිස්සුන්ට දෙන්නට 2005 සිට ඉදිරිපත් වූ විවිධ සංධාන දේශපාලන ව්‍යාපාර අපි අත් විද ඇත්තෙමු.විටෙක සුනාමි ඛේදවාචකය මොහොතේ ඇති වූ මුල්‍යමය අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙද්දීත් මහින්දගේ සරමේ රැවුලේ සිට සිංහල යුදවාදී අදහස්වලින් සරසා ඔහුව නිර්දෝශි ගැලවුම්කරුවා කිරීමේ සංකල්පය අපේ හිතට කා වද්දන්න කටයුතු කළ ඉතිහාසයේ සැළසුම්වලට දායක වූ සැමට ද මේ ක්‍රිකට් ඛේදවාචකය අදාළය.

මන්ද එතැන් පටන් අපිට කවුරුත් ඕනි නැහැ කියන සංකල්පයේ මුග්ධ උද්දච්ඡකම හැම තැනකම ඇලී වෙලී මතුවීම සාමාන්‍ය තත්ත්වයක් වෙයි.ඒ නිසා කාලයක් ලෝකයේ පිළිගත්,ඉහළ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධකම් වෙනුවට ශ්‍රී ලංකාවටත් වඩා පහතින් සිටින ග්‍රෝත්‍රික සම්ප්‍රදායන් සහිත කළු සල්ලි ආයෝජනය කළ හැකි රටවල රාජ්‍ය තාන්ත්‍රික නායකයෝ ලංකාවේ ජාත්‍යන්තර මිතුරෝ වූහ.එහෙත් ඇමෙරිකාවේ සතුරුකම්වලට වැඩිය,මේ ලෝකයේ වටිනාම භූමිය උඳුරා ගන්නට සැළසුම් කරන ඇමෙරිකාවෙන් වෙන බලපෑම් වළක්වා ගන්නට මිනිස්සු ඒ සිඳුවීම්වලට හුරේ දැමූහ.ඒවට මහත් අභිරුචියෙන් වළදන්නට ජන හිත් වෙනස් කළ නලීන් ද සිල්වා වැනි ප්‍රාඥයන් අදද ඇමෙරිකාවේ තමන්ගේ දැණුමෙන් සකස් කර ගත් සමාජ මට්ටමෙන් ජීවත්වන අතරම අන් ජන.ාවට ඒවා පිළිකෙව් කිරීම නොනවත්වා සිඳු කරන ආකාරයෙන්වත්,මේවාට රහ වැටුණු මිනිස්සු ඇත්ත දකින්නේම නැත.

මේ අන්ධභාවය විසින් සකස් කරන ලද ජන මනසට ඇලෙන හැටි ක්‍රිකට්වලින් දේශපාලනයට එන්න,ක්‍රිකට් සාදවලට ද සරම අඳින තැන සිටම සැළසුම් කළ අර්ජුන දේශපාලනයට ඒමත්,ඒ බලය හරහා ක්‍රිකට් හැසිරවීමත් සිය සිහිනය කර ගෙන උන්නේය.ඒ දේශපාලන යාන්ත්‍රණයේ තිබෙන ජනප්‍රිය කෑල්ල අද යම් තරමකට පළුදු වුව ද,ඒ හරහා ඇතිවන ආකර්ශණය ජන මතයක් බවට පෙරළන්නට අර්ජුනගේ ක්‍රමයේ එල්ලුණ රොෂාන් රණසිංහ සහ සජිත් ප්‍රේමදාස දැන් ඉන්නේ අලි නැට්ටේ කරන දිව්‍ය ලෝක ගමණකය.නමුත් හිරි අරින්නට හෝ අත බුරුල් වෙන්නට ඉඩ තිබෙන බව අපි විශ්වාස කරන්නෙමු.

මේ චමරි ප්‍රතික්ෂේප වීම චමරිව නොසළකා හැරීමක්ම නොවේය.එය හරියට කියවා ගතහොත් හිරියක් දැනෙනු ඇත.මිනිස්සු මේ සිඳුවීමේදී ද ඉන්දියාවට බනිනු හැර අපි ලොවකට වඩා ලොකු රටක් යන මිත්‍යාවේම සිටීම අත් නොහරිනු ඇත.එසේම වෙනස්වන ලෝකය සමඟ එකට එක හැප්පීම අපේ දක්ෂකම් දුර සිට අධ්‍යයනය කරන්නට පාදා ගත් පොටක් හැටියට මේ අලුත් ලීග් ක්‍රිකට් සංස්කෘතියෙන් තමන්ගේ කාලවල ඩොලර් නෙලන්නට බැරි වීමේ සංවේගයෙන් අදහස් ප්‍රකාශ කරන මිනිස්සු චමරිට ඒ අවස්ථාව අහිමි වීම යහපතක් ලෙස සළකා දේශනා පවත්වමින් ඉන්දියාවට නෙලීම කරන්නට යොදා ගන්නවා ඇත.

ඇත්ත මිනිස්සුන්ට දැනෙනවානම් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සහ රොෂාන් රණසිංහ සිය සිංහ සෙයියා පාර්ලිමේන්තු කතා සහ ගැලරි දේශනාවන්වලින් ඉනික්බිති ක්‍රිකට් ප්‍රශ්නය විසඳා ගැනීම සම්බන්ධයෙන් ලෝකයට හැංගී ඉන්දියාව එක්ක ෂේප් විමට කන්නලව් කළ ආකාරය දැන් හෙළිදරුව් වී ඇත.කවුරු හෝ සිතන්නේ නම් එම කතාවලදී ඉන්දියානු ආණ්ඩුවට කතා කර ඒ දෙදෙනා කියන්නට ඇත්තේ “ෂා අයින් නොකරොත් අපි උඹලට හොද වැඩක් කරනවා” වැනි කතාවක් යැයි ඒ මේ සිස්සටම් එකේ බරම පාප ටික කරේ බැඳ දියට හෝ පනින්නට සූදානම් පිරිසක් ය.

අටුවා ටීකා ටිප්පනි නැතුව කිව්වොත් WPL එකෙන් චමරි පමණක් කපා නැත.කතා බොහොමයකට දිය හැකි එක පිළිතුරක් පමණක් ඉන්දියාව දී ඇත..ඇත්තම තත්ත්වයෙන් සිඳු වී නම් ලෝකයේ සිටින සුපිරිම ක්‍රිකට් ක්‍රීඩිකාවක් බවට අවිවාදිත චමරි අතපත්තු WPL තුළ සිටිය යුතුය.අනතර් ජාතික ක්‍රිකට් කියන්නේ යාර 22 ක් දුරින් කඩුලු දෙපස සිටුවා පන්දුවට පිත්තෙන් පහරදෙන ආශ්චර්යය විදීමක්ම පමණක් නොවන බව මිනිස්සු තෝරා ගත යුතුය.බලය සහ ඊට ආසන්න දේශපාලනය විසින් ඒ තත්ත්වය නොදැන ක්‍රිකට් පරාජය වුව ද මිනිස්සු දිනා ගන්නට කරන දේවල්වලට හුරේ දමන්නන් කරන්නේ රට පරාජයවීමේ ප්‍රීතියට සම්මාදමි වීමය.චමරි WPL තුළ නැත.එහි ඇත්ත පේන තරමට වඩා විසල් තිත්තක්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan