*
Wednesday, December 11, 2024
spot_img

Latest Posts

මායාකාරියකගේ වෙස් ගත් Ariana Grande සමඟින් “Wicked”!

සටහන: පුන්සරා ලියනගේ

දෙසැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): “Wicked” කාන්තා මිත්‍රත්වය මූලික කොටගෙන, අනෙකාව වෙනස් කොට තැකීම්, රාජ්‍ය දූෂණයන් සහ සංගීතමය ජවනිකාවන් ඔප්නැංවීමට සමත් වූ හරි අපූරු සිනමාංගයකි.

Ariana Grande ගේ සුවිශේෂී රංඟන දායකත්වයෙන් හැඩ ගැහුණු Wicked නවතම සිනමා සිත්තම ජෝන් එම්. චු විසින් අධ්‍යක්ෂණය කරන ලද සිනමාංගයකි. විනී හොල්ස්මන් සහ ඩැනා ෆොක්ස් විසින් රචනා කරන ලද පිටපතෙන් නිර්මාණය වී, ස්ටීවන් ෂ්වාට්ස්ගේ ගීතයෙන් අලංකාරවත් වූ මෙම නිර්මාණය ඇමරිකානු සංගීත ෆැන්ටසි චිත්‍රපටයකි.

1995 වසරේ Wicked නමින් එළිදැක්වූ නවකතාවක් මත පදනම් වූ චිත්‍රපට අනුවර්තනයක පළමු කොටස වන මෙම සිනමාංගය අනෙක් අතට 1939 වසරේ තිරඟත වූ චිත්‍රපටයක් වන The Wizard of Oz මත පදනම් වේ.

මෙම සිනමාංගය තරුණ මායාකාරියන් දෙදෙනෙකු ගැන ය. සම කොළ පැහැති එල්ෆාබා සහ තඹ පැහැති හිසකෙස් ඇති ලස්සන ග්ලින්ඩා ඔවුන් වේ. මුලදී ඔවුන් එකිනෙකාට අකමැති නමුත් පසුව බැඳීමක් ඇති කර ගනී. සංගීතමය ජවනිකා සමඟින් ඔවුන්ගේ මිත්‍රත්වය ගොඩ නැගීමත් එල්ෆාබා දුෂ්ට මායාකාරියක් වූ ආකාරය සහ ග්ලින්ඩා හොඳ මායාකාරියක් වූ ආකාරය මෙම කතාව පුරා දිවෙයි.

මෙම චිත්‍රපටිය සංගීතමය රහක් එක් කරමින් වෙනස්ම අත්දැකීමක් ඔබ හමුවට ගෙන එයි. එහි Elphaba Thropp ලෙස Cynthia Erivo සහ Galinda Upland ලෙස Ariana Grande-Butera රංගනයෙන් දායක වන අතර Jonathan Bailey, Ethan Slater, Bowen Yang, Marissa Bode, Peter Dinklage, Michelle Yeoh සහ Jeff Goldblum ප්‍රධාන නළු නිළියන් ලෙස රංගනයෙන් දායක වේ.

COVID-19 වසංගතය වැනි හේතු සාධක මත ඇති වූ ප්‍රමාදයකින් පසුව , මෙහි අධ්‍යක්ෂණය සඳහා ජෝන් එම්. චූ ගන්නා ලදී.
චිත්‍රපටයට අදාල ප්‍රධාන ඡායාරූපකරණය 2022 දෙසැම්බරයේ එංගලන්තයේ ආරම්භ වූ අතර, 2023 SAG-AFTRA වර්ජනයෙන් ජූලි මාසයේදී ඊට බාධා ඇති වූ අතර එහි වැඩකටයුතු නැවත ආරම්භ කර 2024 ජනවාරි මාසයේදී අවසන් කරන ලදී.

“Wicked” 2024 නොවැම්බර් 3 වන දින ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි රාජ්‍ය රඟහලේදී තිරගත වූයේ එහි තිරඟතවීමේ ආරම්භය සනිටුහන් කරමිනි.

මෙම සිනමාංගය ඇමරිකානු චිත්‍රපට ආයතනය විසින් 2024 වසරේ හොඳම චිත්‍රපට දහයෙන් එකක් ලෙස නම් කරන ලද අතර ජාතික සමාලෝචන මණ්ඩලයේ හොඳම චිත්‍රපටය ලෙස ද සම්මානයට පාත්‍ර විය.

82 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය – සංගීතමය, ප්‍රහසන ඇතුළුව නාමයෝජනා හතරක් වැනි තවත් සම්මාන කිහිපයක් ද නිර්මාණය වෙනුවෙන් ලැබිණි.

“Wicked” චූ ගේ වැඩිම අදායමක් ලැබූ චිත්‍රපටය බවට පත් වූයේ විශාල ඇඟයීම් ගණනාවක හිමිකාරයත් සමඟය. මෙහි දෙවන කොටස 2025 නොවැම්බර් 21 දින නිකුත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan