නාමල් කරුණාරත්න ටයි කෝට් ඇඳන් ඇමති පුටුවට ආවාට පස්සේ ගොවි වන්දිය ලක්ෂයෙන් හතළිස් දාහට බැහැලා ! – බන්දුලාල්

Date:

නාමල් කරුණාරත්න මහතා එදා විපක්ෂයේ සිටියදී ගොවීන්ට වගා හානි වන්දිය අක්කරයකට අවම වශයෙන් රුපියල් ලක්ෂයක් අනිවාර්යයෙන්ම ගෙවිය යුතු බව පැවසුවත් අද ඔහුම කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය ඇමතිවරයා බවට පත්වූ පසුව ඒ මුදල රුපියල් 40,000 ක් දක්වා පල්ලම් බස්වා ඇති බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.

“අපි අහලා බලමු එදා නාමල් කරුණාරත්න ගොවි පුතා, ගොවි නායකයා ජනතාවට විපක්ෂයේ ඉඳන් කියපු දේයි දැන් ආණ්ඩුවේ ඉඳන් කියන දේයි. එදා – අක්කරයකට අවම රුපියල් ලක්ෂයකට එහා වන්දියක් අනිවාර්යයෙන්ම ආණ්ඩුව ගෙවන්න ඕනා. අද – අක්කරයකට තියෙන්නේ පූර්ණ වන්දිය රුපියල් 40,000 යි. රෙද්ද බැනියම ඇඳගෙන ගොවිබිමේ ඉන්න කාලෙ රුපියල් ලක්ෂයක් ගෙවිය යුතුමයි කියනවා, ටයි කෝට් ඇඳගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඇමති පුටුවේ වාඩිවුණාට පස්සේ රුපියල් 40,000 ට ඒක අඩුවෙලා තියෙනවා. ඒක නිසා අපි කියනවා මේක බොරුව මත ගොඩනැඟුණු ආණ්ඩුවක්. බොරුව කොච්චරද කියනවා නම් ආණ්ඩුවේ ඉහළම පුටුවක ඉන්න පුද්ගලයෙක් තමන්ගෙ උපාධි සහතිකයටත් බොරු කරලා තියෙනවා කියලා අද එහෙන් මෙහෙන් එළියට ඇවිල්ලා තියෙනවා”

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...