වතුකරයේ නිවාස ප්‍රශ්නය විසදන්න අලුත් ව්‍යාපෘතියක්!

Date:

කොළඹ LNW:වතුකරයේ නිවාස ගැටලුව විසඳීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතියට යටත්ව මහල් 6කට වඩා අඩු මහල් සංඛ්‍යාවකින් යුත් නිවාස සංකීර්ණ ඉදිකිරීමට අවධානය යොමුව ඇති බව එහි ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කරන්නේ.

වතුකරයේ නිවාස අවශ්‍යතාව 150,000කට අධික බවට ගණනය කර තිබෙන අතර පර්චස් 7 බැගින් වෙන් කර ඒ සඳහා තනි නිවාස ඉදිකළ හොත් වතුකරයේ ඉඩම් ප්‍රමාණය විශාල වශයෙන් නිවාස ඉදිකිරීම සඳහා වෙන් කිරීමට සිදුවන හෙයින් මහල් නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් රජය අවධානය යොමුකර ඇත.

මේ අතර ඉන්දීය ආධාර මත ඉදි කෙරෙන නිවාස 10,000න් වැඩ අවසන් කළ තවත් නිවාස 990ක් ජනතාව වෙත භාර දීමට සැලසුම් කර ඇති බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වමේ දේශපාලනය අතහැරලා ඒකෙන් එළියට යනවා නම් ….

නන්දන යන්න ගිහින්.. අපි වමේ දේශපාලනය අත හැරලා ඒකෙන් එළියට...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් තව දුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : පූජ්‍ය බලංගොඩ කස්සප...

”අඳුර දුරු කළ හැකි මඟ” කළු ජනවාරියේ සැමරුම සංවාද ගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ඝාතනයට සහ අතුරුදන්කිරීමට ලක්කළ මාධ්‍යවේදීන්ට තවමත් යුක්තිය ඉටු...

ඔබගේ ගෙළෙහි සුවඳ විලවුන් තැවරීම අවදානම්ද ?

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : වර්තමානයේ කතාබහට ලක්වන බෙල්ලේ...