*
Wednesday, December 11, 2024
spot_img

Latest Posts

ලිබරල් තරුණ ව්‍යාපාරය ආණ්ඩුවෙන් විමර්ශනයක් ඉල්ලයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ (LNW):

ලිබරල් තරුණ ව්‍යාපාරය විසින් ,කථානායක අශෝක රණ්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ආණ්ඩුවෙන් විමර්ශනයක් ඉල්ලා සිටී. ඒ අනුව ඒ බව සඳහන් කරමින් එම තරුණ ව්‍යාපාරය විසින් රජයට ලිපියක් යොමු කර ඇත.

එය පහතින් දක්වා ඇත.

කථානායක ගරු අශෝක රණ්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ආණ්ඩුවේ විමර්ශනයක් ඉල්ලා සිටිමු

කථානායක ගරු අශෝක රණ්වල මහතා විසින් සහ ආණ්ඩු පක්ෂය විසින් මැතිවරණයට පෙර සහ පාර්ලිමේන්තු කටයුතු තුළ ඉදිරිපත් කර ඇති අධ්‍යාපන සුදුසුකම් හි නිරවද්‍යතාවය පිළිබඳ සැකයක් පොදු ජනතාව අතර දැඩි සාකච්ඡාවකට මූලික වී ඇති අතර, දේශපාලඥයන් විසින් සිය ඡන්දදායකයන් වෙත ඉදිරිපත් කරන ලද තොරතුරුවල සත්‍යතාවය පිළිබඳ බරපතළ සැකයක් ජනිත කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ කථානායකවරයෙකු වීම සඳහා අධ්‍යාපන සුදුසුකම් අනිවාර්ය නොවුණද, මෙම අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් මැතිවරණ කාලසීමාවකදී දේශපාලඥයන්ගේ විශ්වසනීයත්වය වැඩි කිරීම සඳහا යොදා ගනු ලැබේ. එවැනි සුදුසුකම් පිළිබද අසත්‍ය තොරතුරු සපයමින් ජනතාව මුලා කිරීම මහජන විශ්වාසය හීන කරන අතර ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලියේ යහපැවැත්මට හානි කරයි.

ක්‍රමවේදයේ වෙනසක් අපේක්ෂා කරමින් 2022 වර්ෂයේ සිදු වූ “අරගලය” සිවිල් විරෝධතාවයෙන් පසුව ජනතා ඡන්දයෙන් තේරී පත් වූ පලමු ආණ්ඩුව විසින් විශ්වාසනීයභාවය, පාරදෘශ්‍යතාව, වගවීම සහ ඒකාග්‍රතාවය යන සුවිශේෂි මිනුම් දඩුවලට අනුකූලව කටයුතු කරනු ඇතැයි ජනතාව අපේක්ෂා කර සිටියි. මෙම චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු නොකිරීම, ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු කිරීමට හේතු වනු ඇත.

මෙම සන්දර්භය තුළ, ලිබරල් තරුණ ව්‍යාපාරය දැඩි ලෙස ආන්ඩුවෙන් පහත සඳහන් කරුණු ඉටු කරන ලෙස ඉල්ලා සිටී:

▪️කථානායක ගරු අශෝක රණ්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම්වල සත්‍ය අසත්‍යතාවය පිළිබඳ වහාම සාධාරණ විමර්ශනයක් සිදු කිරීම.
▪️එම විමර්ශන ප්‍රතිඵල පිළිබඳ මහජනතාවට පැහැදිලි විනිවිදභාවයෙන් යුතු වාර්තාවක් සැපයීම.
▪️එම විමර්ශන ප්‍රතිඵල අනුව යම් අක්‍රමිකතාවයක් සිදුව ඇත්නම් කතානායකවරයා පිළිබද සුදුසු ක්‍රියාමාර්ග ගැනීම.

ආණ්ඩුවේ ප්‍රතිචාරය මෙම කරුණ සම්බන්ධයෙන් පාරදෘශ්‍ය සහ ඉහල මට්ටමේ දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සංඥාවක් වනු ඇත.එසේම නිසි ලෙස මේ සම්බන්ධ ප්‍රතිචාර නොදැක්වීම, ක්‍රමවේදය කෙරෙහි ජනතා අවිශ්වාසය වැඩිදියුණු කළ හැකි අතර යහපාලනයේ සංකල්පයට බාධා පමුණුවනු ඇත.

ලිබරල් තරුණ ව්‍යාපාරය වශයෙන් අපි, ශ්‍රී ලංකාවේ දේශපාලන පද්ධතිය තුළ ප්‍රජාතාන්ත්‍රික අගයන්, පාලනයට පුරවැසි සහභාගීත්වය, විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී සිටිමු. අප අපගේ මහජන නියෝජිතයන්ගෙන් යම් ප්‍රශ්නගත කරුණක් සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරිමක් සහ සත්‍යය ඉල්ලා සිටින පුරවැසියන් සමඟ සිට ගනිමු.

නාමිණී පාණ්ඩිත
සමකැදවුම්කරු
[email protected]
www.liberalyouth.lk

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan