කොළඹ LNW:මහර සිරකරුවන් සමූහ ඝාතන සිද්ධියට යුක්තිය ඉටුකරගැනීම වෙනුවෙන් අද (11) සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
එම සමුහ ඝාතන සිද්ධිය යටපත් කිරීමට නීතිපතිට ඉඩ නොදිය යුතුවන බවටයි ඔවුන් එහිදී අවධාරණය කළේ.
කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවති විරෝධතාවෙන් අනතුරුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පාගමනින් ගොස් එහිදී සංදේශයක් භාරදීමට කටයුතු කරන ලදී.
කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් යෑම සඳහා අවසර ලබා දුන්නේ බැනර් ප්රදර්ශනයකින් තොරව පදික වේදිකාව ඔස්සේ යාමට වන අතර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමට විරෝධතාකරුවන් තිදෙනෙකුට අවසර ලැබුණි.
මෙම විරෝධතාව මිය ගිය රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයින්,සිවිල් සමාජ ක්රියාකාරීන්,නීතිඥවරුන් සහ ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබුණි.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න
සියලුම ඡායාරූප නරඹන්න!