මෙරට එක්සත්භාවය ගැන කතාකළ ජූලී චන්ග්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ (LNW):

මහනුවර මහනගර සභාවේ ඩී.එස්.සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලයට අනුබද්ධ, අමෙරිකානු තොරතුරු පියස පිහිටුවා වසර 20ක් සැපිරීම නිමිත්තෙන් වූ උත්සවයක්  පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිතයා වුයේ මෙරට අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මියයි.

එහිදී අදහස් දැක්වූ ජූලි චන්ග් මහත්මිය ,

“අපට අසන්නට ලැබුණා නව ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත්භාවය ගැන කතා කළා. ඔබේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළා මේ රටේ වර්ගවාදයට හෝ අන්තවාදයට කිසිඳු ඉඩක් නොමැති බව. ඔබේ සියලු විෂමතාවන් සහ විවිධත්වය සැමරිය යුතු කාරණයක්. එමඟින් සියල්ලන්ම සාමකාමී එක් ජන ප්‍රජාවක් බවට පත්වේවී. 

ජන ප්‍රජාවන් එක් කරමින් එම දැක්මට දායකවන්න ‘අමෙරිකන් කෝනර්’ එකට හැකියාවක් ලැබීම ගැන මම ඇත්තෙන්ම ආඩම්බර වෙනවා. ඔබේ පසුබිම, භාෂාව, ආගම, ආර්ථික මට්ටම, ඔබ කාන්තාවක් ද පිරිමියෙක්ද හෝ කවරෙක්ද යන්න එහිදී වැදගත් වන්නේ නැහැ. වැදගත් වන්නේ ජනතාව එකමුතු කිරීමයි. 2019 වසරේදි අපි ශ්‍රී ලංකාව පුරා යොවුන් පෙළ නියෝජනය කළ පළමු යොවුන් සංසදය පවත්වනු ලැබුවා. ඉංග්‍රීසි භාෂාව මෙහිදි විවිධ ජනකොටස් එකිනෙකාට සම්බන්ධ කරන මාධ්‍යය බවට පත්වී තිබෙනවා.

මොකද සමහර ශිෂ්‍යයින් දෙමළ බසත්, ඇතැමුන් සිංහලෙන් කතා කළත් ඉංග්‍රීසි භාෂාව සියල්ලන් බැඳ තබන භාෂා මාධ්‍යයයි. රටේ පස්කොනේ සිට පැමිණෙන සියල්ලන්ට මෙහිදී නායකත්වය වගේම ඔවුන්ගේ ප්‍රජාවට දායකත්වයක් දැක්විය හැකි ආකාරය ගැන ඉගෙන ගන්න පුළුවන්. දැන් මේ යොවුන් සමුළුව කලාපීය සමුළුවක් බවට වර්ධනය වී තිබෙනවා. 

පසුගිය වසරේ කොළඹ පැවති කලාපීය සමුළුවට ශ්‍රී ලංකාවෙන් විතරක් නෙවෙයි ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින ඇතුළු කලාපයේ සෑම රටකම යෞවනයන් සහභාගි වුණා. මම එහිදි හඳුනාගත් කාරණයක් තමයි දකුණු ආසියානු කලාපයේ සියලුම යෞවනයන්ට ඔවුන්ගේ භාෂාව කුමක් වුවත් එකම සිහිනයක්, එකම ඉලක්කයක් සහ එකම අගයක් ඇති බව.” ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...