හාල් හා පොල් ගැන ආණ්ඩුව ජනතාවට ජනකාන්තවාදී බොරු කියනවා – චම්පික

Date:

කොළඹ LNW:ආණ්ඩුව බලයට පත්වීමට පෙර හාල් මෝල් හිමියන්ට එරෙහිව දැඩි ප්‍රකාශ කළ නමුත් බලයට පත්වීමෙන් පසු ඔවුන් සමඟ එකඟතාවකට පැමිණ හාල් මිල ඉහළ දැමීමට කටයුතු කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

අද (11) එක්සත් ජනරජ පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීයි ඔහු මේ බව පැවසුවේ.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා කියාසිටියේ හාල් සහ පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට ජනකාන්තවාදී බොරු ප්‍රකාශ කරමින් සිටින බවයි.

“ජනාධිපතිතුමා මේසෙට තට්ටු කරලා තමන්ට හිතු ගානකින් හාල් මෝල් හිමියන්ට එකඟ වෙන ගානකින් හාල් මිල වැඩි කරන්න නම් මොකක්ද ඒ ජනාධිපති ධූරයේ තත්ත්වය?” යනුවෙන් රණවක මහතා විමසා සිටියේය.

වී කිලෝ 100කින් නිපදවිය හැකි හාල් ප්‍රමාණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ මත පළ කළද, ලංකාවේ හාල් හිඟයක් නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.

“මහ මෝල් හිමියන් කියනවා වී කිලෝ සීයකින් හාල් කිලෝ හැට දෙකයි දශම පහයි හදන්න පුළුවන් කියලා. කෘෂිකර්ම අමාත්‍යාංශය කියනවා වී කිලෝ සීයකින් හාල් කිලෝ හැට අටක් හදන්න පුළුවන් කියලා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණාගාරයේ ඉන්න මාරඹේ මැතිතුමා ඇතුළු අය කියනවා නෑ හැත්ත දෙකක් පුළුවන් කියලා. කුඩා මෝල් හිමියෝ කියනවා පනස් දෙකයි පුළුවන් කියලා. ඇත්තටම මේ පවරගත්ත, පනස් දෙක ගත්තත්, හැට දෙක ගත්තත්, හැට අට ගත්තත්, හැත්තෑ දෙක ගත්තත් ලංකාවේ හාල් හිඟයක් නැහැ. මේ සංඛ්‍යා ලේඛන දිහා බැලුවහම. එහෙනම් මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඉතාම පැහැදිලියි මේ බෙදා හැරීම සහ සහල් තොග පවත්වා ගැනීම පිළිබඳව විධිමත් දැනුමක් වෙළඳ ඇමතිට හෝ කෘෂිකර්ම ඇමතිට හෝ ජනාධිපතිට හෝ ඒ අදාළ ආයතන වලට නෑ.”

හාල් මිල පාලනය කිරීමේ වගකීම වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට පැවරී ඇති හෙයින් එම වගකීම ඔහු නිසි ලෙස ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි රණවක මහතා එහිදී තවදුරටත් කියාසිටියේ.

“වසන්ත සමරසිංහ මැතිතුමා වාණිජ ඇමති හැටියට දිවුරුම් දෙද්දී එතුමාගේ ගැසට් නිවේදනයේ, එතුමා බලයට පත් කරපු ගැසට් නිවේදනයේ, බොහොම පැහැදිලිව තියෙනවා. එතකොට මේ මේ ගැසට් නිවේදනයට අනුව තමයි, මේ නිල ලියවිල්ලට අනුව තමයි එතුමාට මේ බලය ලැබිලා තියෙන්නේ. අලි ගම් වැදිලා මේ විනාශ වෙනවා. මාෆියාකාරයෝ හාල් හංගං ඉන්නවා වගේ උත්තර දෙන්න බෑ. මේක තමයි ඔහුගේ වගකීම. ඒ නිසා ඒ වගකීම ඔහු ඉටු කරනවා ඇතියි කියලා අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සම්පත් මනම්පේරීට අධිකරණයෙන් ලැබුණ නියෝගය!

කොළඹ LNW: අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි දින හතක...

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ගැන අධිකරණය ගත්ත තීන්දුව!

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින සංවිධානාත්මක අපරාධ...

එජාපයෙන් සමඟියට ගිය අයට පැනවූ තහනම ඉවතට!

කොළඹ LNW:සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු...

කහ සහ ඉගුරු වගාවටත් හොද කාලයක්!

කොළඹ LNW:වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු...