පොළොන්නරුව, බැඳි වැවදී අනතුරක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW :

අද (11) අලුයම වෑන් රථයක් බස් රථයක පිටුපස ගැටීමෙන් , පොළොන්නරුව, බැඳි වැව, පාසල අසලදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ භික්‍ෂූන් වහන්සේ දෙනමක් ඇතුළු පුද්ගලයන් නව දෙනෙකු රෝහල්ගත කර තිබෙන බව වාර්තා වේ.

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් පිරිසක් වන අතර, තුවාල ලැබූ පිරිස අතර වෑන් රථයේ රියදුරා, කුඩා දැරියක් සහ කාන්තාවන් 5 දෙනෙකු ද වේ.

වෑන් රථයේ ගමන් ගත් පිරිස වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව වාර්තා වන අතර, එම පිරිස අනතුරට ලක්ව ඇත්තේ ආපදාවට ලක්ව සිටින මහනුවර ප්‍රදේශයේ ජනතාව වෙත ආධාර බෙදා දී ආපසු වැලිකන්ද ප්‍රදේශය බලා ගමන් කරමින් සිටියදී බව පොලිසීය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අප්‍රිකාවේ නිධානය කපිතාන් ඉබ්‍රහිම් ට්‍රෝරේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රිකාවේ අතිශය ජනප්‍රිය බුර්කිනා...

සිරියානු හමුදාව සහ SDF අතර සටන් විරාමය දීර්ඝ කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු රජයේ...

මාරාන්තික උපවාසයක නිරත වන උමර් කාලිඩ්ට සහය දැක්වූ පලස්තීන ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යයේ වර්ම්වුඩ් ස්ක්‍රබ්ස්...