කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (11) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි.
පසුගිය රජයන් සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගැනීම පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි ඔහුව එලෙස කැඳවා ඇත්තේ.
අද පෙරවරු 9ට පමණ ගයන්ත කරුණාතිලක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ පැය 2ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු පිටව ගොස් ඇත.
