රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW :
වරකාපොළ ප්‍රාදේශීය කොට්ඨාසයට අයත් අඟුරුවැල්ල වරකාපොළ මාර්ගයේ හපුගල් ගොඩවත්ත පාර නාය යෑමේ අවධානමක් හේතුවෙන් ඒ අවට ජීවත් වන ප්‍රදේශවාසීන් පිරිසකට ඉන් ඉවත් වන ලෙසට නිලධාරීන් දැනුම් දී තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව එහි ජීවත් වන පවුල් එකොළහකට අයත් පුද්ගලයන් හැත්තෑවකට එම දැනුම්දීම සිදුකර ඇති බවද සඳහන් වේ.
එම ප්‍රදේශයට යාබදව ඇති තල්ලියද්ද කන්ද පුපුරා යෑම සහ නාය යාමේ ලක්‍ෂණ හඳුනා ගැනීමෙන් පසුව අදාළ බලධාරීන් පැමිණ අදාළ ප්‍රදේශයේ පහළ කොටසේ නිවෙස්වල ජනතාව ඊයේ (10)රාත්‍රියේම කුකුල්පනය ශ්‍රී සුගතාරාම විහාරස්ථානය වෙත යොමුකර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ .
