සමාජ සුබසාධක ප්‍රතිලාභ දීම ගැන අලුත් තීරණයක්!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් වයස අවුරුදු 70ට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා ලබාදෙන රුපියල් 5000ක දීමනාව, ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලබාදෙන රුපියල් 10,000ක දීමනාව හා වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන රුපියල් 10,000ක දීමනාව ඇතුළු ප්‍රතිලාභ ලබාදීමේදී අස්වැසුම ගිණුම් මගින් ලබාදීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.

ඒ,ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් අඩු ආදායම් ලාභී පවුල් සඳහා ලබාදෙන ප්‍රතිලාභ හා සමාජ සුබසාධන මණ්ඩලය මගින් ලබාදෙන අස්වැසුම ප්‍රතිලාභය ඇතුළු සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේදී සැලකිල්ලට ගතයුතු කරුණු පිළිබඳ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩල සමාජිකයන් සමඟ මහචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවේදීය.

සුබසාදක ප්‍රතිලාභ ලබාදීමේදී ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය හා සුබසාදක ප්‍රතිලාභ මණ්ඩලය අවබෝධතාවයෙන් කටයුතු කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කර ඇත.

මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ ලේකම සම්පත් මන්ත්‍රිනායක මහතා, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කැටවලගෙදර මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්‍රසීල...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...