මේ සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතු බවත් වාර්තා වන ආකාරයට මේ සහන ලබා ගන්න ප්‍රජා ශක්ති කමිටුවල අනුමැතිය අවශ්‍ය බවට රජයේ ප්‍රබල ඇමතිවරු කියමින් යන බවත් ප්‍රතිලාභ ලැබීමට සහතිකය අවශ්‍ය රාජ්‍ය නිලධාරින්ගෙන් පමණක් බවත් ග්‍රාම නිලධාරි, සමෘද්ධි නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, කෘෂිකර්ම නිලධාරී, ප්‍රාදේශීය ලේකම්, ආපදා නිලධාරීන් වැනි රාජ්‍ය නිලධාරීන්ගේ සහතිකය පමණත් ප්‍රමාණවත් බවත් සිවිල් පුරවැසියන් සහන ලබා දෙන්න නිර්දේශ ලබා දීම අනවශ්‍ය දෙයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ‘හුස්ම’ වැඩසටහන යටතේ හලාවත රෝහලට රුපියල් ලක්ෂ 46ක් වටිනා රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් සහ ජංගම RO ප්ලාන්ට් එකක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. ආපදාවෙන් විපතට පත් ජනතාව ජීවත්වන ප්‍රදේශවල රෝහල්වල අඩුපාඩු නැති කිරිම සඳහා හුස්ම වැඩසටහන මගින් අද දින මාරවිල රෝහලට ද රු. ලක්ෂ 46ක් වටිනා B-Braun Dialog+ Haemodialysis යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම සිදු විය.

රාජ්‍ය නිලධාරීන් පමණක් නොව ප්‍රජා ශක්ති වැනි සිවිල් කමිටුවල නිලධාරීන්ගේ සහතිකයන් සහන ලබා ගැනීමට අවශ්‍ය වීම යනු මේ සහන කටයුතු වෙනත් පැත්තකට ගෙන යාමක් බවත් මේ සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතු බවත් පිරිසුදු වගවෙන වගකියන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නිදහස් සෞඛ්‍ය කියන්නේ රෝහලෙන් දෙන බෙහෙත් තුන්ඩුව ෆාමසියෙන් ගන්න එක නොවේ
අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මීට වඩා වැඩි දියුණු කර ඉහළ මට්ටමකට ගෙන ආ යුතු බවත් නොමිලේ ලබා දෙන සෞඛ්‍ය සේවාව රජයේ රෝහලට පමණක් සීමා නොකළ යුතු බවත් ගිලන් වූ රෝගීන්ට දැන් තුන්ඩුවලට බාහිර ෆාමසිවලින් බෙහෙත් ගන්න සිදුව ඇති බවත් මෙය නොමිලේ සෞඛ්‍ය නොවන බවත් අප රටේ ඇති සුබසාධන රාජ්‍ය තුළ ඇති නොමිලේ සෞඛ්‍ය සේවාව සහ අධ්‍යාපන සේවාව ඉහළ මට්ටමකට ගෙන ආ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෞඛ්‍ය ගොඩනගන්න විපක්ෂයට හැකි සෑම දෙයක්ම සිදු කරනවා
පසුගිය සුළි කුණාටු තත්ත්වය නිසා හලාවත රෝහලේ පමණක් රු. මිලියන 600ක උපකරණ විනාශ වී ඇති බවත් සීටී ස්කෑනර් යන්ත්‍ර ඇතුළුව වටිනා වෛද්‍ය උපකරණ රැසක් අහිමිව ඇති මොහොතක මේ කැඩි බිදී ගිය රෝහල් පද්ධතිය ගොඩනගා නිදහස් සෞඛ්‍ය සේවාව උසස් මට්ටමකට ගෙන එන්න කටයුතු කරන බවත් සෞඛ්‍ය යනු ජනතාව සතු මූලික හා මානව අයිතිවාසිකමක් බවත් ඒ සෞඛ්‍ය වෙනුවෙන් විපක්ෂය විසින් හැකි උපරිම ආකාරයෙන් මේ සෞඛ්‍ය සහ රට ගොඩගන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ඇති වූ එකමුතුකම රටේ සංවර්ධනය හැරවිය යුතුයි
අප රටේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ගැන ගැඹුරු සොයා බැලීමක් සිදු කළ යුතු බවත් සෑම අතකින්ම ආපදා කළමනාකරණ ක්‍රියාවලියේ බරපතල දුර්වලතා ඇති බවත් මේ අවස්ථාවේ අප කළ යුත්තේ වැරදි අඩුපාඩු සකස් කර ගැනිම බවත් අද රටේ දැවැන්ත එකමුතුභාවයක් ඇතිව තිබෙන බවත් මේ එකමුතුභාවයේ සහෝදරත්වයේ ගුණාංගය සෑම දිනකම තිබිය යුතු බවත් ඊට අමතරව අඩුපාඩු මගහරවා ගෙන අඩුපාඩුවලින් පාඩම් ඉගෙන ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අවදානම ගැන දැනුම් දී තිබියදී ක්‍රියාත්මක නොවීම ගැන පරීක්ෂණයක් අවශ්‍යයි
දේශීය හා විදේශීය මාධ්‍ය හරහා මේ ආපදාව ගැන පණිවිඩය ලැබෙන විට ක්‍රියාත්මක නොවීම ගැන පරීක්ෂණයක් අවශ්‍ය බවත් මේ ආපදාවෙන් ඉගෙන ගත් පාඩම් ප්‍රායෝගිකව රටේ ස්ථාපිත කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පවතින IMF ගිවිසුම වෙනස් විය යුතුයි
රජය කරුණාකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කතා කර පවතින අයි. එම.එෆ් ගිවිසුම වෙනස් කර රටටත් ජනතාවටත් එල්ලවන පීඩනය අවම කළ යුතු බවත් පැහැදිලි ජනතාවාදී ජනහිතකාමී සංශෝධනයක් ලබා දී කියපු ආකාරයේ සහන ලබා දිය යුතු බවත් හැකිනම් මීටත් වඩා සහන ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
https://youtu.be/y3TctB2QM-k?si=U7B0mVdHOUse8TfZ
