රන් ආභරණ උකස් කර ඇති පිරිසෙන් වැඩි දෙනෙකු මධ්‍යම පාන්තිකයින්…

Date:

මෙම වසරේ ගතවූ මුල් මාස 10ක කාලය තුළ ආර්ථික අපහසුතා හේතුවෙන් පුද්ගලයින් රුපියල් බිලියන 193 කට වැඩි වටිනාකමකින් යුත් රන් භාණ්ඩ විවිධ ආයතනවලට උකස් කර ඇති බවට අනාවරණය වී තිබේ.

ප්‍රධාන බලපත්‍රලාභී වාණිජ බැංකු ඇතුළු මූල්‍ය සමාගම් 13ක් සහ ප්‍රධාන උකස් ආයතන 10ක් සම්බන්ධ කර ගනිමින් සිදුකළ සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණයවූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

රන් ආභරණ උකස් කර ඇති පිරිසෙන් වැඩි දෙනෙකු මධ්‍යම පාන්තිකයින් වන අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, කෘෂිකාර්මික කටයුතු ඇතුළු කාරණා සඳහා මෙම මුදල් යොදාගෙන ඇති බවට ද අනාවරණය වු බව ඒ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් වර්තමානයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානවලට ජනතාව වැඩි වශයෙන් යොමුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සඳහන් කරන මහාචාර්යවරයා, එම මධ්‍යස්ථානවලින් වැඩි මුදලක් ජනතාවට ලබාදීම ඊට හේතුව වී ඇති බව ද පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සටන් විරාමයකට එකඟ වන්න: තායිලන්ත සහ කාම්බෝජ රජයන්ට ට්‍රම්ප්ගෙන් රතු එළි!

රෂිකා හෙන්නායක ජූලි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්ත -...

හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි!

රෂිකා හෙන්නායක ජූලි 27 කොළඹ LNW : ශ්‍රී ලංකා...

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගෙන් ඉල්ලීමක්!

ශ්‍රී ලංකාව ඓතිහාසික වශයෙන් දායදය ලත් ථේරවාද බෞද්ධ...