මොනවද මේ වැඩකට නැති පාර්ලිමේන්තු කතා , ඒවා ජනතාවට වැදගත් ඒවා නෙවෙයි – නාමල්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තු සජීව විකාශය කිරීම නවත්වා එය පැය බාගයක් පරක්කුකොට විකාශනය කරන ලෙස තමා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලීමක් කල බව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

පාර්ලිමේන්තුවේ අනවශ්‍ය මඩ ප්‍රහාර සහ වෙනත් බොහෝ දේ කතාකරනවා.අධිකරණයට හා විනිසුරුවන් ඉලක්ක කරගෙන වරප්‍රසාද වලට මුවා වෙලා විවිධ ප්‍රකාශ කරනවා. අනවශ්‍ය දේට කාලය මිඩංගු කරමින් වැඩකට නැති දේවල් කතා කරනවා.මේවා බලාගෙන ඉන්න අයට පාර්ලිමේන්තුව ගැන තියෙන විශ්වාසය නැතිවෙනවා.බලන්න විපක්ෂනායක විසි හත දෙක යටතෙ අහන ප්‍රශ්න.වැඩිම කාලයක් කතාකලේ ක්‍රිකට් ගැන. අයවැය වැය ශීර්ෂ ගැනකතා කරපුවා මොනවද ඉතාම අතලොස්සයි. මේ හේතූන් නිසා පාර්ලිමේන්තු විකාශනය පැය බාගයක් විතර පරක්කු කරන්න කියලා මම කථානායකතුමාගෙන් සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංගගෙන් මම ඉල්ලීමක් කලා. ඇත්තටම අපි පාර්ලිමේන්තුවට ඇවිත් කතා කල යුත්තේ රටට හා ජනතාවට ප්‍රයෝජනවත් දේවල් පමණයි”

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද 2023.12.10 හම්බන්තොටදී පැවති උත්සවයක් අමතමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...