*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

නැවතත් ජනප්‍රියම රාජ්‍ය නායකයා නරේන්ද්‍ර මෝදි!

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකා මෝනිං කන්සල්ට් සමාගම විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව ගෝලීය නායකයින්ගේ ලැයිස්තුවේ ජනප්‍රියම රාජ්‍ය නායකයා බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නැවත වරක් තේරී පත්ව ඇත.

එම සමීක්ෂණයට අනුව අගමැති නරේන්ද්‍ර මෝදිට කැමැත්ත පළකළ ප්‍රතිශතය සියයට 76කි.

පසුගිය සතියේ දී ඉන්දියාවේ පැවැත්වු ප්‍රාන්ත මැතිවරණයෙන් ද භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයග්‍රහනයක් හිමිකරගත් අතර ඊට සාපේක්ෂව ජාත්‍යන්තරය ද නරේන්ද්‍ර මෝදිට සහාය පළකරන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි. කොරෝනා වසංගත සමයේ දී පවා අග්‍රාමාත්‍යවරයාගේ ජනප්‍රියත්වය ස්ථාවර මට්ටමක පැවතුණු අතර, මෙක්සිකෝ ජනාධිපති Andres Manuel Lopez Obrador (සියයට 66) සහ ස්විට්සර්ලන්ත ජනාධිපති Alain Berset (සියයට 58) ලබා ගනිමින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවේ.

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සියයට 37 ක කැමැත්තක් ද, කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සියයට 31 ක්, එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් ශ්‍රේණිගත කිරීම් සියයට 25 ක් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සියයට 24 ක් හිමි කර ගෙන ඇති බව අමෙරිකා මෝනිං කන්සල්ට් සමාගම පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan