සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): පසුගිය කාලය පුරා කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පොලිස් මහජන සහන දිනය නැවත පොලිස් මහජන සහන දිනය කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව ලබන සිකුරාදා (15) සිට රජයේ නිවාඩු හැර සෑම සිකුරාදා දිනකම පෙරවරු 9.00 සිට මහජන සහන දිනය පැවැත්වෙනු ඇති බව දන්වයි.
දිවයිනේ පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශයන් වෙත මහජනතාව විසින් ඉදිරිපත් කරනු ලබන පැමිණිලි අතරින් ක්රියාමාර්ග ගැනීමට අපොහොසත් වු පැමිණිලි ඝෘජුවම වැඩබලන පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කිරීමට මෙමගින් අවස්ථාව හිමිවන බවද දන්වයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇