*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

සංචාරක නෞකා තුනකින් මඟීන් 4,000ක් කොළඹට!

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW):
කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලයෙහි සුන්දරත්වය විදිමින් ගුවනින් පමණක් නොව සයුරෙන් ද සංචාරකයින් දැන් දැන් ශ්‍රී ලංකාවට ඇඳෙමින් පවතී.

මේ වසරේ කෲස් සංචාරක ව්‍යාපාරයේ කැපී පෙනෙන වර්ධනයක් හමුවේ එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් විසින් සංවිධානය කරන ලද සංචාරක නෞකා තුනක් ඊයේ කොළඹ වරායට එක් දිනක් තුළ සේන්දු වී තිබේ.

වස්කෝ ද ගාමා (Vasco Da Gama) සහ Mein Schiff 5 සහ MS Seven Seas Navigator යන සංචාරක නෞකා තුනෙන්ම එක් දිනක් තුළ ආසන්න වශයෙන් මගීන් 4,000ක් පමණ රැගෙන ආ බව සමාගම පවසයි.

ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් කණ්ඩායමේ කොටසක් වන Virgin Voyages වෙතින් ‘Resilient Lady’ පැමිණීමත් සමඟ පසුගිය මාසයේ මෙම නෞකා ගමන ආරම්භ විය.


කලින් පැමිණි Marella Discovery 2 හි සංචාරය විශේෂ වැදගත්කමක් දරයි, එය කොවිඩ් ව්‍යවසනයෙන් පසු ලංකාවට ආ පළමු නෞකාව වන අතර එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ හැරවුම් ලක්ෂයක් විය.

Vasco Da Gama නෞකාව ත්‍රිකුණාමල වරායට යාමට පෙර කොළඹ නගරයේ සිරි නැරඹීමේ අවස්තාවක් එහි මඟීන්ට උදා කර දී තිබේ.
එපමණක් නොව ඔවුන් මින්නේරිය, දඹුල්ල, සීගිරිය, පොළොන්නරුව සහ නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ ද ගමන් කරනු ඇත.


එකවර සංචාරක නෞකා තුනකට එකවර සත්කාරකත්වය සැපයීමේ බාධාවකින් තොරව කටයුතු කිරීම Aitken Spence Travels හි සුවිශේෂී හැකියාවකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan