විපක්ෂ නායක සජිත් අමරපුර නිකායේ අභිනව මහානායක හිමියන් බැහැදකී (VIDEO)

0
274

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අඹගස්පිටිය පාර්ශවයේ 16 වැනි මහනායක ධුරයට අභිනවයෙන් පත් අම්බලන්ගොඩ, කන්දෙගෙදර මහා චේතිය පිරිවෙන් විහාරයේ සහ කොළඹ 14 ශ්‍රී ඉසිපතනාරාම මහා විහාරයේ ප්‍රධාන විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජී තිස්ස හිමියන් බැහැ දැකීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ගොස් තිබේ.

ආචාර්ය මාදම්පාගම අස්සජී තිස්ස හිමියන් මුණගැසීමෙන් අනතුරුව ඉදිරි දේශපාලන කටයුතු සඳහා ආශිර්වාද ලබා ගැනීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.