වරාය පෞද්ගලිකරණය කරන්න කිසිම අදහසක් නැහැ. හැබැයි පෞද්ගලික අංශය එක්ක වැඩකරනවා – බිමල්

Date:

කොළඹ LNW:කොළඹ වරාය පෞද්ගලිකරණය කිරීමේ කිසිදු සූදානමක් නැති නමුත් වාරයේ සංවර්ධනය වෙනුවෙන් පෞද්ගලික අංශය සමඟ එක්ව කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේය.

ඒ,අද (12) අමාතයවරයා කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

විශේෂයෙන් නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම එම නිරීක්ෂණයේ ප්‍රධාන අරමුණ වී තිබුණි.

ලබන වසරේ ජූනි 30 වැනිදා වන විට නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු නිමා වීමෙන් පසු එයද වරාය මෙහෙයුම්වලට සම්බන්ධ වන හෙයින් දැනට වඩා දෙගුණයකටත් වැඩියෙන් බහාලුම් කටයුතු කාර්යක්ෂමවත් ක්‍රියාත්මක වනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඒ අනුව පොදුවේ කොළඹ වරාය දියුණු කිරීම හරහා කාර්යක්ෂමතාව වැඩිකරගැනීම අපේක්ෂාව බවද බිමල් රත්නායක මහතා සඳහන්කළේය.

ජය බහලුම් පර්යන්තයේත් සංවර්ධනය කළ යුතු දේවල් තිබෙන අතර අලියා අරන් තියෙනවා හෙන්ඩුව නෑ වගේ තත්ත්වයක් එහි පවතින බවත් ඒ සියලු ප්‍රශ්න කඩිනමින් විසඳගෙන කාර්යක්ෂමතාව සහ වරායේ විශාලත්වය වැඩි කරගැනීමට කටයුතු කරන බවයි ඔහු කියාසිටියේ.

අදානි සමාගමද සිය මෙහෙයුම් ආරම්භ කිරීම වැදගත් බව අමාත්‍යවරයා පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...